Home Local News Room : කොළඹට එන විදුලි බස් රථ සේවය

News Room : කොළඹට එන විදුලි බස් රථ සේවය

4
0

විදුලි බස් රථ කොළඹ නගරය ආශ්‍රිතව යෙදවීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ඉදිරියේදී ඒ සඳහා අභිප්‍රාය කැඳවීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ය.

ෆොසිල ඉන්ධනවලින් පරිසරයට වන හානිය වන වළක්වා ගැනීම සඳහා සහ විශාල ලෙස සිදු වන ඉන්ධන මිල ඉහළ යාම හමුවේ සිදු වන ප්‍රවාහ ගාස්තු වැඩිවීම් ගැටලුවට විසඳුම වන්නේ පොදු ප්‍රවාහනය විදුලිය භාවිත කර සිදු කිරීම බව අමාත්‍යවරයා පවසා තිබේ.

“එහිදී අපි බස් රථ පමණක් නෙමෙයි ත්‍රීරෝද රථ, වෑන් හා අනෙක් දුම්රිය පවා අනාගත කාලපරිච්චේදය තුළදී විදුලිය බවට පරිවර්තනය කරන්න උත්සහ දරනවා. මේ අවුරුද්ද තුළදී පුද්ගලික අංශය විදුලියෙන් ක්‍රියා කරන ත්‍රිරෝද රථ වෙළෙඳපොළට නිතුත් කරයි,” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කර ඇත.

පෙර ලිපියතිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් කෙරේ
ඊලග ලිපියපොල් තෙල් මිල උස්ස ගන්න සුපුරුදු යටි මගඩියක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here