මිනුවන්ගොඩ පොලිස් වසමේ බොරගොඩවත්ත පූජ්‍ය සුගතශීලී මාවත අසල යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයන් දෙදෙනාට වෙඩි තැබීමට මිනුවන්ගොඩ ගමන්ගෙදර ත්‍රිපුද්ගල ඝාතනය සහ අම්බලන්ගොඩ රන්‍ෙදාඹේ ප්‍රදේශයේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට වෙඩි තැබීම යන සිද්ධීන්වල වෙඩික්කරුවෙකු ලෙස ක්‍රියාකළ ‘මාමා’ නමැත්තා විශේෂ කාර්ය බළකාය විසින් කුලියාපිටිය, ඇඹව ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හීනටියන මහේෂ් නමැත්තාගේ සමීපතමයෙකු වන ‘මාමා’ විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මනුෂ්‍ය ඝාතනයන්ට ආධාර අනුබල දීම, ගිනිඅවි සන්තකයේ තබාගැනීම, හෙරොයින් ජාවාරම සහ සන්තකයේ තබා ගැනීමේ වරදට ය.
විශේෂ කාර්ය බළකාය පවසන්නේ 2022 ඔක්තෝබර් 6 වැනිදා මිනුවන්ගොඩ පොලිස් වසමේ ගමන්ගෙදර පිහිටි නිවසක කරන ලද ත්‍රිත්ව පුද්ගල මනුෂ්‍ය ඝාතනය සඳහා සැකකරු පොලිස් නිල ඇඳුමකින් සැරසී පොලිස් නිලධාරියෙකු ලෙස වෙඩික්කරුවන් සමග නිවසට පැමිණ ඇති බව ය.
2023 මැයි 26 වන දින අම්බලන්ගොඩ රන්‍ෙදාඹේ ප්‍රදේශයේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට වෙඩි තබා තුවාල කිරීම ද සැකකරුගේ ක්‍රියාවක් බව ය.
යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් තව ත් යතුරුපැදියකින් ගමන් ගත් නියෝජ්‍ය විදුහල්පතිවරයා ඉලක්ක කොට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අතර නියෝජ්‍ය විදුහල්පතිවරයා වෙඩි කාගෙනම යතුරුපැදිය අම්බලන්ගොඩ පොලිසිය වෙත පදවාගෙන ගොස් ඇත. පසුව තුවාල ලබා සිටි ඔහු රෝහලට ඇතුළත් කළ අතර ඉන් අනතුරුව අනාවරණය වූයේ තුවාල ලත් විදුහල්පතිවරයා සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ පාතාල ක්‍රියාකාරිකයකු වන කොස්ගොඩ සුජීගේ මාමා කෙනෙකු බව ය. කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරයෙන් නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ ජීවිතය බේරී තිබිණි.
2023 ජුනි 7 වන දා මිනුවන්ගොඩ බොරගොඩවත්ත සුගතශීල මාවත අසලදී ඩිමෝ වර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අළු පැහැති ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයකින් පැමිණි කණ්ඩායමක් යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනා ඉලක්ක කොට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබිණි.
ටී පනස් හය වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම කළ අතර පොලිසිය පවසන්නේ ඒ සඳහා පැමිණි ඇල්ටෝ රථයේ රියැදුරා ලෙස ‘මාමා’ නමැත්තා කටයුතු කර ඇති බවය.
සැකකාර ‘මාමා’ අත්අඩංගුවට ගෙන ඇත්තේ, හෙරොයින් ග්‍රෑම් 15ක් සහ මිලිග්‍රෑම් 780ක්ද සමග ය. කුලියාපිටිය අබෑව ප්‍රදේශයේ සැඟව සිටියදී කොටුකරගත් මොහු සන්තකයේ රුපියල් 60,000ක් ද තිබී නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.
මොහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී එදින වෙඩි තැබීම සඳහා පැමිණි පුද්ගලයන් ගෙන ආ පිස්තෝලයක තොරතුරු ද අනාවරණය වී ඇත. පසුව එම ස්වයංක්‍රිය පිස්තෝලය කටාන පොලිස් වසමේ කිඹුලාපිටිය ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන ඇත. එම නිවසේ සිටි කාන්තාවක ද නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
කිඹුලාපිටිය පදිංචි වයස අවුරුදු 62ක් වූ මෙම සැකකාරිය සමග වයස අවුරුදු 47ක කුලියාපිටිය පදිංචි ‘මාමා’ ඊයේ කුලියාපිටිය සහ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ඉකුත් 17 වන දා මිනුවන්ගොඩ බොරගොඩවත්ත ඔස්ටින් හන්දිය අසලදී කළ මෙම වෙඩි තැබීමෙන් කටුනායක හීනටියන ගෝනමඩිත්ත ජනපදයේ පදිංචි ‘බාප්පා’ හෙවත් නිහාල් හරිශ්චන්ද්‍ර යන අය ද ‘චිත්තා’ හෙවත් විෂ්මිල් මධුවන් යන අයද තුවාල ලැබූහ.
ඩුබායිහි රැඳී සිටින පාතාල සාමාජිකයෙකු වන හීනටියන මහේෂ් නමැත්තා විසින් එම ප්‍රහාරය මෙහෙයවනු ලැබ ඇති අතර මහේෂ්ගේ කීම පැහැරහැරීම මෙම වෙඩිවලට මූලික හේතුව බව මේ වන විට අනාවරණය වී තිබේ.
විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ උපදෙස් සහ නියෝග මත බස්නාහිර උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.ආර්. සේනාධීරගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරි එච්.ඩී. වත්තේගෙදරගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ ඇතුළු නිලධාරීන් මෙම සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඔවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත.