ප්‍රාථමික අංශයේ සිට ජපන් භාෂාව පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට අවසර හිමි වී ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ, ජපානයේ රැකියා වෙළෙදපොළ ඉලක්ක කර මෙම තීරණය ගත් බව ය.
අද (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් පැවසුවේ, කැබිනට් මණ්ඩලය ඒ සඳහා විශේෂ අනුමැතියක් දුන් බව ය.
ඒ අනුව, ජපන් භාෂාව ඉගැන්වීමට අදාළ කටයුතු අධ්‍යාපන අමාත්‍යංශය සමග එක්ව මේ වන විට සූදානම් කරමින් සිටින බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.