සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ බැංකු ක්ෂේත්‍රය සුරක්ෂිත බවට සහතික වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (01) පැවැසීය.
ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව සම්බන්ධයෙන් විවාදයට එක් වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
ජුලි පළමු වැනිදාට යෙදෙන මහජන බැංකුවේ උපන් දිනයට සුබපැතුම් එක් කරන බව ද අගමැතිවරයා කීවේය.
ශ්‍රී ලංකාවේ මහා පෙරළිය වූ බැංකු ක්‍රමයට ඇතුළු වූ ලොකුම බැංකුව මහජන බැංකුව බවත්, උපන් දිනයට මහජන බැංකුවට සුබ පතන බවත් අගමැතිවරයා කියා සිටියේය. ලංකාවේ මිලියන 22ක ජනගහනය හා සංසන්දනය කරන විට මිලියන 57ක බැංකු ගිණුම් පවත්වාගෙන යන බවත් ඒ සෑම බැංකු ගිණුමකටම විශ්වාසයක් ඇති කළයුතු බවත් අගමැතිවරයා පැවැසීය.
ශ්‍රී ලංකාවේ මිලියන 22ක ජනගහනය හා සංසන්දනය කරනකොට මිලියන 57ක බැංකු ගිණුම් රටේ පවත්වාගෙන යනවා. මිලියන 57ක ඒ සෑම බැංකු ගිණුමකට අපි විශ්වාසයක් මේ තුළින් අද ඇති කළා. මේ එකඟතාව ප්‍රකාශයට පත් කිරීමෙන් මහ බැංකු අධිපතිතුමා, ජනාධිපතිවරයා සහ ඇමැති මණ්ඩලය සමඟ ඒ විශ්වාසය ඇති කළා. බැංකු ගිණුමක් තියෙන කිසි කෙනෙක්ට සැකයක් ඇති කරන්න මවාපාපු ඒ බරපතළ බිල්ලාව අද සුළඟට ගොස් තිබෙනවා. ඒ ගැන කිපී, නොයෙක් නොයක් වදන් සඳහන් කරන්න පුළුවන්. නමුත් මේ රටේ බැංකු ගිණුමක් ඇති හැමදෙනාම රජයේ බැංකු පමණක් නොව පෞද්ගලික බැංකුවල පවා, රාශියක් පෞද්ගලික බැංකු තියෙනවා. ඒ විශ්වාසය රජය තහවුරු කරලා තියෙනවා. ඒ වගේම බැංකු ක්‍රමය විශ්වසනීයභාවයත් රටේ ජනතාවට ලබා දීම තුළින්, මූල්‍ය ක්ෂේත්‍රයේ රටේ ආර්ථිකයට එක්කාසු කිරීමේ විශ්වාසය හා අවශ්‍යතාව ඇති ජනතාවගේ සියලු බැංකු ගිණුම් වත්කම් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කර දෙන්න රජය ප්‍රතිඥාවක් දී තිබෙනවා. ඒ නිසා විවිධ ආකාරයෙන් අර්ථ නිරූපණය කරන ලද බිල්ලන් මවා පෑවා. නමුත් ඒ රැවුලයි, කැඳයි දෙකම බේරාගෙන. ඒ කියන්නේ මූල්‍ය බැංකු පද්ධතිය වගේම, ගිණුම්කරුවන්ට අවශ්‍ය විශ්වාසය ආරක්ෂා කරනවා.