Home Politics News Room : ශ්‍රී ලංකාවේ නායකයන් බලය වෙනුවෙන් ජාතිවාදය වැපිරුවා

News Room : ශ්‍රී ලංකාවේ නායකයන් බලය වෙනුවෙන් ජාතිවාදය වැපිරුවා

3
0

ශ්‍රී ලංකාවේ නායකයන් බලය වෙනුවෙන් ජාතිවාදය වැපුරූ බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ජන හමුවේ දී පෙරේදා (02) ප්‍රකාශ කර තිබේ.

මේ වන විට මෑත ඉතිහාසයේ දැවැන්ත ඛේදවාචකයකට ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන බව ද එහි දී ප්‍රකාශ කර ඇති අනුර කුමාර දිසානායක මහතා නැවතත් අලුත් වේශයකින් ජාතිවාදය පටන් ගනිමින් තිබෙන බව ද සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෙ. ඒ සඳහා ජාතික ජන බලවේගය සූදානම්. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජාතීන් අතර ක්‍රෝධය ඇතිකරලා රට ඉදිරියට ගෙන යන්න බැහැ.

ඕස්ට්‍රේලියාවේ ජනතාව අපේ රට පිළිබඳ, රටේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳ අවධානයෙන් සිටින නිසා තමයි අද මෙතනට රැස්වී සිටින්නෙ. මෙම ජනතාව ලංකාවේ ප්‍රවෘත්ති පිළිබඳ විමසිලිමත් වෙනවා. ශ්‍රී ලංකාවෙන් දුරස්ව සිටියත් මව්බිම සමඟ සම්බන්ධයි. මෙම රැස්වීමට අපට මීට පෙර සහයෝගය දක්වපු පිරිස් එක්ව සිටිනවා. ඒ වගේම වෙනත් දේශපාලන කණ්ඩායම්වලට සහයෝගය දක්වපු කණ්ඩායම්ද සිටිනවා. හැබැයි ඔබ සියලු දෙනාම පැමිණ සිටින්නෙ අපට සවන් දීමට. ශ්‍රී ලංකාව මේ වන විට යන ගමන් මගෙන් මුදවා ගන්න ඕනෙ කියන මතයේ මෙම ස්ථානයට පැමිණි සියලු දෙනාම සිටින බව ද මෙහි දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

උපාලි කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here