Home Local News Room : “ගැබිනි මවුවරුන්ට රු. 2500 දුන් බව තහවුරු කරන්න”: ආසියානු...

News Room : “ගැබිනි මවුවරුන්ට රු. 2500 දුන් බව තහවුරු කරන්න”: ආසියානු සංවර්ධන බැංකුවෙන් නියෝගයක්

5
0

ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ 2022 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා මාස 4ක කාලයක් මසකට රුපියල් 2,500 බැගින් ගර්භණී මවුවරුන්ට ලබා දුන් ගෙවීම් තහවුරු කර එවන ලෙසට ආසියානු සංවර්ධන බැංකුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

මෙම වැඩසටහන යටතේ අයැදුම්කරුවෙකුට මාස 4 සඳහා රුපියල් 10,000 බැගින් ලබාදී තිබෙන අතර දිස්ත්‍රික්කයක් නියෝජනය කරමින් එක් බැංකුවක මුදල් ගෙවූ නාමලේඛනයක් ලබාදෙන ලෙසට ආසියානු සංවර්ධන බැංකුව දන්වා ඇත.

ඒ අනුව සමෘද්ධි බැංකුව ගර්භණී මවුවරුන්ට ගෙවීම් සිදු කළ තොරතුරු ඇතුළත් වාර්තාව මේ මස 14 දිනට පෙර ලබා දෙන ලෙසට සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් ආර්.පී.බී. තිලකසිරි සියලු ම දිස්ත්‍රික් ලේකම්වරුන්, සමෘද්ධි අධ්‍යක්ෂවරුන්, සමෘද්ධි සහනාධාර විෂය භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මීට අමතරව 2022 අගෝස්තු හා දෙසැම්බර් දක්වා සමෘද්ධි නිත්‍ය ගෙවීම් සම්බන්ධ වාර්තාවක් ද ලබා දෙන ලෙසට අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇත.

බැංකු වෙත එවන ලද මුදල් ප්‍රමාණය හා පවුල් සංඛ්‍යාව ඇතුළත් කර දිස්ත්‍රික් සහනාධාර විෂය භාර නිලධාරියා වාර්තාවක් සකස් කළ යුතු බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here