ලොව විශාලතම සහල් අපනයනකරු වන ඉන්දියාව බොහෝ සහල් වර්ග අපනයනය කිරීම තහනම් කිරීමට සලකා බලමින් සිටින බව බ්ලූම්බර්ග් පුවත් සේවය පවසයි.
සියලු ම බාස්මතී නොවන සහල් වර්ග අපනයනය තහනම් කිරීමේ සැලැස්මක් පිළිබඳව රජය සාකච්ඡා කරමින් සිටින බව මේ සම්බන්ධයෙන් තොරතුරු දන්නා පුද්ගලයින් උපුටා දක්වමින් එම පුවත් සේවය මේ බව වාර්තා කර ඇත.