Home Local News Room : පාසලේ දෙමව්පියන්ගෙන් විශ්‍රාම යන මොහොතේ තමන්ට ලැබුණු ලක්ෂ 31...

News Room : පාසලේ දෙමව්පියන්ගෙන් විශ්‍රාම යන මොහොතේ තමන්ට ලැබුණු ලක්ෂ 31 පාසලේ පුස්තකාලයක් හදන්න දුන් විදුහල්පති

3
0

මුදල යොදවා එම පාසලට සුහුරු පුස්තකාලයක් ඉදිකිරීමට කටයුතු යෙදූ අතර එම පුස්තකාලය අද (17) ඔහු අතින්ම විවෘත කෙරිණි.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ වසර නවයක කාලයක් සේවය කර ස්ථානමාරුවක් ලැබ යන අවස්ථාවේ සිසුන්ගේ මවුපියන් රුපියල් ලක්ෂ 31 ක මුදල් ත්‍යාගයක් දීමට සූදානම් වූ අවස්ථාවේ කසුන් ගුණරත්න මහතා එය කාරුණිකව ප්‍රතික්ෂේප කර එම මවුපියන්ගෙන් ඉල්ලා සිටියේ එම මුදල යොදවා පාසලට මහත් අඩුපාඩුවක්ව පවතින සුහුරු පුස්තකාලයක් ඉදිකිරීමට කටයුතු යොදන ලෙසය.

සුහුරු පුස්තකාලය විවෘත කිරීමට ආරාධනා ලැබුවේ හිටපු විදුහල්පති කසුන් ගුණරත්න මහතාටය.

කසුන් ගුණරත්න මහතා විදුහලට පැමිණි අවස්ථාවේ සිසුහු මවුපියෝ සහ ගුරු මණ්ඩලය ඔහු ඉතා උණුසුම් ලෙස පිළිගත්හ.

තමාට ලැබුණු ත්‍යාගය පාසලටම පරිත්‍යාග කළ  හිටපු විදුහල්පතිවරයාගේ ආදර්ශවත් ක්‍රියාව එහි දී මහත් ඇගැයීමට ලක් කෙරෙණි.

කසුන් ගුණරත්න මහතා ගම්පහ බණ්ඩාරනායක ජාතික පාසලේ වර්තමාන විදුහල්පතිවරයාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here