ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ඒ, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ යෝජනාවක් අනුව ය.
ආරක්‍ෂිත ජලය හා සනීපාරක්ෂාව සඳහා ප්‍රවේශවීමේ අවස්ථාව පුළුල් කිරීම, සේවයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සහ තිරසර ජල භාවිතයන් ක්‍රියාත්මක කිරීම ආදී අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මූල්‍ය ශක්‍යතාව සහ තිරසරභාවය තහවුරු කර ගැනීමේ අරමුණින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, අඩු ආදායම් ලාභී කාණ්ඩයන්ට සහ අධ්‍යාපනික, ආගමික සහ පොදු ජල සැපයුම් ආශ්‍රිතව ලබා දී ඇති සමාජ ආරක්ෂණ පදනමට අවම බලපෑමක් වන පරිදි එම ගාස්තු සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.