Home Local News Room : තිරිඟු පිටි මිල පහළට – මව්බිම

News Room : තිරිඟු පිටි මිල පහළට – මව්බිම

1
0

තිරිඟු පිටි කිලෝවක මිල අද (ජූලි 18) දින සිට රු. 10කින් පහළ දැමූ බව ප්‍රීමා සමාගම පවසයි.

එම සමාගම සඳහන් කළේ, මේ බව දිවයින පුරා ඇති තම සමාගමේ තිරිඟු පිටි බෙදා හරින සියලු ම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දී ඇති බව ය.

මීට පෙර පාන් නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන ප්‍රීමා මිල්ක් බ්‍රෑන්ඩ් කිලෝවක් එම සමාගම විසින් අලෙවි නියෝජිතයන් වෙත රු. 210කට නිකුත් කරනු ලැබ තිබුණු අතර, එය වෙළෙඳපොළේ 230ක සිල්ලර මිලකට අලෙවි කෙරිණි.

ඒ අනුව, මිල පහළ දැමීමත් සමග මිල්ක් බ්‍රෑන්ඩ් තිරිඟු පිටි කිලෝවක් රු. 200ක තොග මිලකට අලෙවි නියෝජිතයන් වෙත අද දින සිට නිකුත් කරන අතර, එම තිරිඟු පිටි කිලෝවක් රු. 220ක් වැනි සිල්ලර මිලකට අලෙවි කරන බව ඔවුහු පැවසූහ.

ප්‍රීමා සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන ග්‍රීන් තිරිඟු පිටි කිලෝවක් මීට පෙර රු. 205ක තොග මිලකට අලෙවි නියෝජිතයන් වෙත නිකුත් කළ අතර, ඒවා රු. 225ක උපරිම සිල්ලර මිලකට අලෙවි කෙරිණි.

නව මිල අනුව ග්‍රීන් තිරිඟු පිටි කිලෝවක් රු. 195 තොග මිලට අලෙවි කරන අතර, එම තිරිඟු පිටි කිලෝවක් රු. 210ක සිල්ලර මිලකට අලෙවි කරන බව අලෙවි නියෝජිතයෝ පැවසූහ.

මේ අතර, සෙරන්ඩිබ් සමාගම ද රු. 10කින් සිය තිරිඟු පිටි මිල ගණන් පහළ දමා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here