Home Local News Room : PHOTOS: වේල් තුන කන්න නැති රටක ගුවන් සේවකයෝ අවම...

News Room : PHOTOS: වේල් තුන කන්න නැති රටක ගුවන් සේවකයෝ අවම රු. 33,000ක වැටුප් වර්ධකයක් ඉල්ලති

2
0

වැටුප් වැඩි කර ගැනීම ඇතුළු තව ත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් කටුනායක ගුවන් තොටුපොළ සේවකයින්ගේ විරෝධතාවක් අද (ජූලි 19) පෙරවරුවේ පැවැත්විණි.

මෙම විරෝධතාවට ගුවන් තොටුපොළ අන්තර් සමාගම් සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ප්‍රගතිශීලී සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ සමගි සේවක සංගමය නියෝජනය කරමින් ඒවායේ සාමාජිකයන් 3,000 ක පමණ පිරිසක් එක් වී සිටි බව අප වාර්තාකරු පවසයි.

ගුවන් තොටුපොළ මෙම සේවකයින්ට අවසාන වශයෙන් වැටුප් වැඩිවීමක් හිමි වී තිබුණේ 2018 වසරේදී බව ත්, සාමාන්‍යයෙන් ගුවන් තොටුපොළ සේවකයින්ට සෑම වසර තුනකට වරක් වැටුප් වැඩිවීමක් සේවා ව්‍යවස්ථාව අනුව හිමි වීමට නියමිත බව ත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති කේ.ඩී.එස්.ප්‍රියන්ත මහතා පැවසීය.

එහෙයින්, සියලු ම වැටුප් තලවල ගුවන් තොටුපොළ සේවකයින් වෙත අවම වශයෙන් රුපියල් 33,000ක වැටුප් වැඩි වීමක් ලබා දෙන ලෙස තමන් ඉල්ලීමක් කරන බව ද ඔහු පැවසීය .

කෙසේ වෙත ත්, මෙම සේවක විරෝධතාව හේතුවෙන් ගුවන් ගමන්වලට හෝ ගුවන් තොටුපොළ එදිනෙදා සාමාන්‍ය රාජකාරී කටයුතුවලට බාධාවක් හෝ බලපෑමක් සිදු වී නොමැති බව ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරීවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here