හිටපු ජනාධිපතිවරයෙකුට ලබා දිය යුතු පහසුකම් මොනවා ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක සඳහන්ව තිබෙන බැවින් හිටපු ජනාධිපතිවරුන්ගේ ජල හා විදුලි බිල්පත් ගෙවීමට ජනාධිපති කාර්යාලයට මැදිහත් විය නොහැකි බව එම කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘මව්බිම’ට පැවසීය.
මීට පෙර ජනාධිපති ධූරය දැරුවෙකුගේ කාර්යාලයකින් ජල හා විදුලි බිල්පත් ගෙවීමට පහසුකම් සපයන ලෙසට ඉල්ලීමක් ලැබී ඇතැයි පැවැසූ එම නිලධාරියා නීතියට පිටින් කිසිවෙකුට කිසිවක් ලබා දිය නොහැකි බව ත් කිසිවෙකුගේ කිසිවක් ඉවත් කළ නොහැකි බව ත් සඳහන් කළේ ය.
1986 අංක 04 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනතට අනුව හිටපු ජනාධිපතිවරයෙකුට නිල නිවසක් හා තවත් පහසුකම් කිහිපයක් ලබා දීම හැර විදුලි බිල් හා ජල බිල් ගෙවීමට ජනාධිපති කාර්යාලය බැඳී නැති බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.
විදුලි බිල් හා ජල බිල් ගෙවන ලෙස කළ මෙම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට නොගිය බව ත් පෞද්ගලිකව එවැනි දේකට පිළිතුරු යැවීම අවශ්‍ය නොවන බව ත් ඔහු කීවේ ය.
ජනාධිපති කාර්යාලය සැමවිට ම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවලට ගරු කරමින් තීන්දු තීරණ ගන්නා බව ත් ඒ පිළිබඳව මෙවැනි ඉල්ලීම් සිදුකරන පාර්ශවයන්ට ද අවබෝධය තිබිය යුතු බව ත් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසීය.