Home Local News Room : ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62ක් කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කෙරෙති

News Room : ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62ක් කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කෙරෙති

2
0

කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැඳී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62 දෙනෙක් එරට ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ එරටින් පිටුවහල් කර ඇත.

ඔවුන් අතරින් 59 දෙනෙක් ගෘහ සේවිකාවන් වූ අතර ඉතිරි තිදෙනා පිරිමි ගෘහ සේවකයින් වූහ.

ඔවුන් ගෘහ සේවය සඳහා ගිවිසුම්ගත නිවෙස්වලින් පලා ගොස් කුවේට් රාජ්‍යයේ තාවකාලික නේවාසිකාගාරවල රැඳී සිටිමින්, විවිධ රැකියා ස්ථානවල සේවයේ නිරත වෙමින්, වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැඳී සිටි ශ්‍රී ලාංකික පිරිසක් බව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඔහු වැඩිදුරට ත් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා 2,000කට අධික ශ්‍රී ලාංකික පිරිසක් ලියාපදිංචි වී සිටින බව ය.

මෙම පිරිස අද (ජූලි 28) දින අලුයම 05.00ට කුවේට් රාජ්‍යයේ සිට අල් ජසීරා ගුවන් සේවයේ J-9555 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here