පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් විදුලිබල මණ්ඩලය විසින් ලබාදී තිබූ විදුලි සැපයුමට අදාල හිග මුදල මෙතෙක් ගෙවා නැතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතා විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විදුලිබල මණ්ඩලය මේ බව සඳහන් කර ඇත.
2019 වසරේ ලබා දුන් මෙම තාවකාලිකව විදුලි සැපයුම සදහා රුපියල් ලක්ෂ විසි හයකට වැඩි මුදලක් ගෙවිය යුතු ඇති බවද ලිපියේ සඳහන් වෙයි.