Home Local News Room : හරක් කටා – කුඩු සළිඳු පාරේ තවත් කප්පම්මු එති:...

News Room : හරක් කටා – කුඩු සළිඳු පාරේ තවත් කප්පම්මු එති: දෙදෙනෙකු ගැන පොලිස් ඇස

2
0

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජන එල්ල කර කප්පම් එකතු කිරීමේ ජාලය ක්‍රියාත්මක කළ ප්‍රධාන පෙළේ පුද්ගලයන් අත්අඩංගුවට පත්වීමෙන් පසු තව ත් අපරාධකරුවන් දෙදෙනෙකු එම ජාලය යළිත් සක්‍රිය කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඒ අනව, ඩුබායි රාජ්‍යයේ සිට මෙරට ව්‍යාපාරිකයන්ට මරණ තර්ජන එල්ල කරමින් රුපියල් ලක්‍ෂ, කෝටි ගණනින් කප්පම් ඉල්ලන සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකු සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් පරීක්‍ෂණයක් අරඹා තිබේ.

මෙම අපරාධකරුවන් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකු බස්නාහිර පළාත තුළ පදිංචි ව්‍යාපාරිකයන්ට දුරකතන ඇමතුම් දෙමින් සහ ගෝලයන් යොදවමින් කප්පම් ඉල්ලන බව ත්, අනෙක් සංවිධානාත්මක අපරාධකරුවා දකුණු පළාත කේන්ද්‍ර කරගෙන කප්පම් ගැනීමේ නිරත වන බව ත් එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය ද මෙම අපරාධකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා තිබේ.

මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් ප්‍රදේශයේ පොලිසියට මෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි රාශියක් ලැබී ඇති බව ද සඳහන් වේ.

මෙම පුද්ගලයන් දෙදෙනා මිනිස් ඝාතනවලට ද සම්බන්ධ බව කියන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසිය හරහා මොවුන් කොටුකර ගැනීමේ උත්සාහයක නිරත වන බව ද වාර්තා වේ.

මොවුන් විසින් ඩුබායි සිට දුරකතන ඇමතුම් දෙමින් නොයකුත් ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් ඉල්ලා සිය ගෝලබාලයන් ලවා ඔවුන්ට පණිවුඩ එවන බවත්, කප්පම් නොදුන්නොත් දරු පවුල් පිටින් ම මරා දමන බවට තර්ජනය කිරීම නිසා බොහොමයක් ව්‍යාපාරිකයෝ සිය ව්‍යාපාර පවා අතහැර දැඩි ආරක්‍ෂක විධිවිධාන සලසාගෙන නිවස්වලට වී රැඳී සිටින බව ත් වාර්තා වේ.

මාකඳුරේ මධුෂ්, හරක් කටා, කුඩු සළිඳු නමැති සංවිධානාත්මක අපරාධකරුවන්ට පසු මෙම සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනා මේ වන විට දකුණේ සහ බස්නාහිර පළාතේ එක් පොලිස් කොට්ඨාසයක සිය ආධිපත්‍ය පතුරුවමින් සිටින බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියයි.

ඉකුත් සිකුරාදා උදෑසන කඳාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙගේ නිවසට නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඇත්තේ ද කප්පම් සිද්ධියක් මුල්කරගෙන බවට වාර්තා වේ.

රුපියල් ලක්‍ෂ 50ක කප්පම් නොදීම මත ව්‍යාපාරිකයා බිය ගැන්වීමේ අරමුණින් මෙම වෙඩි ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ රැඳී සිටි අයෙකු විසින් බව ද වාර්තා වී තිබේ.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම සඳහා තුවක්කුකරුවන් පැමිණි යතුරුපැදිය හඳුනාගෙන එහි හිමිකරු අනාවරණය කරගෙන ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි ප්‍රහාරයට පැමිණි යතුරුපැදියද කඳාන පොලිසිය විසින් සොයාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here