Home Local News Room : බස් රථයකින් හිස පිටතට දැමූ දහම් පාසල් සිසු‌වෙක් විදුලි...

News Room : බස් රථයකින් හිස පිටතට දැමූ දහම් පාසල් සිසු‌වෙක් විදුලි කණුවක ගැටී මිය යයි

2
0

අධ්‍යාපන චාරිකාවක සහභාගී වූ දහම් පාසලක සිසුන් පිරිසක් රැගත් බස් රථයක පසුපස අසුනේ සිටි සිසුවෙකු ජනේලයෙන් පිටතට හිස එළියට දැමීම නිසා විදුලි රැහැන් කණුවක ගැටී ඊයේ (අගෝ. 20) මිය ගිය බවට හබරාදූව පොලිසිය පවසයි.

මෙම අනතුර සිදුව ඇත්තේ, රූමස්සල කන්ද දෙස ගමන් කිරීමට ඇති අතුරු මාර්ගයකදී ය.

පොලිසිය සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබූ සිසුවා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගිය බව ය.

මිය ගිය සිසුවා වයස අවුරුදු 16ක් වන කුලියාපිටිය, උඩුබද්දාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හබරාදූව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here