අමෙරිකානු තානාපති ජූලි චන්ග් යටත් විජිත ලේකම් ලෙස ත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුකාරවරයා ලෙස ත් හැසිරෙන බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඊයේ (අගෝ. 31) චෝදනා කළේ ය.
අමෙරිකානු තානාපතිවරිය මෙරට අභ්‍යන්තර කටයුතුවලට අනවශ්‍ය අයුරින් මැදිහත්වීම් කරන බව ත්, ස්වෛරී රාජ්‍යයක වැසියන් වන ශ්‍රී ලාංකිකයන්ට මෙය මහා නින්දාවක් බව ත් මහ ලේකම්වරයා සඳහන් කළේ ය.
ජාතික සංවිධාන 66ක් එක්ව අමෙරිකානු තානාපතිවරියට විරුද්ධව සකස් කළ ලිපියක් විදේශ කටයුතු අමාත්‍යාංශයට භාර දීමට පැමිණි අවස්ථාවේදී හෙතෙම මේ බව කීවේ ය.
ඉන්දියානු මහ කොමසාරිවරයා සූම් ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතා පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය බලාත්මක කරන ලෙසටත් දැනුම් දී ඇතැයි ද මහ ලේකම්වරයා පැවසීය.
ලෝකයේ කිසිදු රටක මෙවැනි දේවල් සිදුනොවන බව ත් මේ පිළිබඳව ජාතික සංවිධානවල විරෝධය පළකරන බව ත් හෙතෙම සඳහන් කළේ ය.
මේ අතර, අමෙරිකානු තානාපතිවරිය තානාපති බලතල හා වරප්‍රසාදවලට එහා ගොස් වියානා සම්මුතිය උල්ලංඝණය කරමින් කටයුතු කරන බව ත් ඒ අනුව යමින් ඇය පසුගිය දිනෙක හමුදාපතිවරුන් හමුවී උපදෙස් දී තිබෙන බව ත් දේශප්‍රේමි ජාතික පෙරමුණේ මධ්‍යම මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මෙහිදී පැවසීය.
මෙවැනි අවස්ථාවකදී තානාපතිවරිය විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා නිදහසට කරුණු විමසීමට විදේශ කටයුතු ඇමතිවරයාට අවස්ථාව තිබෙන බව පැවසූ හෙතෙම ඒ අනුව ඇය සීමාව ඉක්මවා කටයුතු කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශ නිදහසට කරුණු විමසිය යුතු බව ද ප්‍රකාශ කළේ ය.