ආසියානු කුසලානයේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දඟ පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට ප්‍රවීණ ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංග විසින් ප්‍රශංසා කර තිබේ.
ඒ ඊයේ ආසියානු කුසලානයේ දී ඉන්දියාවට එරෙහිව 5/40 ලෙස විශිෂ්ට ලෙස වෙල්ලාලගේ විසින් ජාත්‍යන්තර මට්ටමින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 05 දෙනෙකු දවා ගැනීම හේතුවෙනි.
ඒ අනුව දුනිත් වෙල්ලාලගේ ට දීප්තිමත් අනාගතයක් ඇති බව ලසිත් මාලිංග විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රකාශ කර ඇත.
මේ අතර දුනිත් වෙල්ලාලගේ ඊයේ දිනයේ දැක් වූ දක්ෂතා අගයමින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් ද තම සුබපැතුම් එකතු කර තිබුණි.
The post දුනිත් ගැන මාලිංග තැබූ සටහන first appeared on Lakbima.net.