Home Local News Room : ෆොටෝ වීඩියෝ ලීක් කළොත් වසර පහක් හිරේ

News Room : ෆොටෝ වීඩියෝ ලීක් කළොත් වසර පහක් හිරේ

2
0

නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයන්ට දැඩි දඬුවම් පැනවිය හැකිවන පරිදි නීති සකස් කිරීමට ඉදිරියේ කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.

මීට අදාළ නීති ඇතුළත් පනත් කෙටුම්පතට අදාළ කැබිනට් පත්‍රිකාව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

ප්‍රේම සබඳතා පවත්වන අතරතුරදී ලබා ගන්නා පෞද්ගලික සහ නිරුවත් ඡායාරූප, වීඩියෝ දර්ශන එම සබඳතා නතරවීමෙන් අනතුරුව හිරිහැර කිරීමේ අරමුණෙන් වෙනත් තැනැත්තන්ට බැලීමට හැකි වන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම වැළැක්වීමේ අරමුණෙන් මෙම නව නීති සකස් කර ඇති බව ද කියයි.

ඒ අනුව, එවැනි වරදකට පළමු වරට හසුවන තැනැත්තකුට වසර පහක් නොඉක්මවන සිර දඬුවමක් හෝ රුපියල් ලක්‍ෂ පහක් නොඉක්මවන දඩයකට යටත් කළ හැකි වේ.

එමෙන් ම, දෙවන වරදකට හෝ නැවත නැවත හසුවන යම් තැනැත්තකුට අදාළ දඬුවම් සහ දඩ මුදල යන දෙක ම හෝ එය දෙගුණයක් කිරීමේ හැකියාව ද පවතින බව ද කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here