අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් පසුගිය දා නිව් යෝර්ක් නුවරදී සිදුව තිබේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගි වූ සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් විසින් පිරිනමන ලද රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී මෙම හමුව සිදුව ඇත.
මෙහිදී අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව ඉතා මිත්‍රශීලිව පිළිගනු ලැබ ඇති අතර සුහද කතා බහකින් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ බයිඩ්න් යුවළ සමග සමූහ ඡායාරූපයකට ද එක්ව තිබේ