Home Local News Room : ICU ඇදක් නැතිව ජාතික රෝහලේ දරුවෙක් මිය යයි.. මවගෙන්...

News Room : ICU ඇදක් නැතිව ජාතික රෝහලේ දරුවෙක් මිය යයි.. මවගෙන් ඇන්තනී පවුලට කුණු බැණුම්….

1
0

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද තම දියණියට එහි දැඩි සත්කාර ඒකකයේ ඇඳක් හා කෘතිම ස්වසන යන්ත්‍රයක් ලබා ගැනීමට නොහැකිවීමෙන් පැය හයක් ඇතුළත මිය ගිය බව එම දියණියගේ මව පවසයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මොලය මිය ගොස් ඇතැයි වෛද්‍යවරුන් පවසා තිබියදී රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා දින පන්සියයක් තිස්සේ දැඩි සත්කාර ඒකකයේ රැදී සිටීම මත මේ ආකාරයෙන් මරණ සිදුවන බවයි.

තම දියණියටද නිසි ආකාරයෙන් ප්‍රතිකාර ලැබුණේ නම් ඇගේ ජීවිතය බේරෙන බව ද සඳහන් කරන ඇය මෙම සිදුවීම පිළිබඳව ඇන්තනී පවුලට දැඩි විරෝධය පළ කර තිබේ.

මෙරට සෞඛ්‍ය සේවය තුළ මෙවන් අසාධාරණයක් සිදු වන්නේ පළමු වතාවට බවත් පවසන ඇය ඇත්තනී පවුලට ජැක්සන් ඇන්තනීට ප්‍රතිකාර කිරීමට මේ තරම් අවශ්‍ය නම් පුද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා යොමු කර ගැනීමට හොඳින්ම හැකියාව ඇතැයි ද පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here