ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය වසර 8ට රුපියල් බිලියන 297.64ක් වියදම් කර ඇති නමුත් ආදායම වශයෙන් උපයා ගෙන ඇත්තේ රුපියල් බිලියන 52.19ක් බව එහි උසස් නිලධාරියෙක් ‘මව්බිම’ට පැවසීය.
ඒ අනුව, 2015 සිට 2022 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 245.45ක පාඩුවක් ලබා ඇති බව ද හෙතෙම කීය.
දුම්රිය දෙපාර්තමේන්තුව ඉකුත් 2021 වසරේදී වාර්තා කළ සමස්ත වියදම රුපියල් බිලියන 40.41ක් වූ අතර 2022 වසරේදී එම වියදම රුපියල් බිලියන 42.53ක් දක්වා එනම් රුපියල් බිලියන 2.12ක් එක් වර්ෂයක් තුළ වැඩි වී ඇති බව ඔහු සඳහන් කළේ ය.
ඔහුට අනුව පසුගිය අට වසර තුළදී දුම්රිය දෙපාර්තමේන්තුව ලබා ඇති ආදායමට සාපේක්ෂව මුළු වියදම ශීඝ්‍ර ලෙස වර්ධනය වී ඇති බවත් එම තොරතුරු ගිණුම් තොරතුරු පරිශීලනය කිරීමේදී පැහැදිලි වන බව ත් ඔහු පැවසීය.