පවතින වැසිබර කාලගුණය හේතුවෙන් මාර්ග දෙපස කඩා වැටීමේ අවදානමක් පවතින විශාල ගස් පිළිබඳව වහා අධ්‍යයනයක් කර මහ ජනතාවට තර්ජනයක් විය හැකි සෑම දෙයක් ම ඉවත් කරන ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට නියෝග කර ඇත.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ට මෙම නියෝග ලබා දී තිබේ.
පරිසර අධිකාරියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ අදාළ පළාත් පාලන ආයතනයන්හි නිලධාරීන් සමග සම්බන්ධීකරණය වී අවශ්‍ය පියවර ගන්නා ලෙස ඇමතිවරයා උපදෙස් දී තිබේ.
ඊයේ (ඔක්. 6) පෙරවරුවේදී කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ ධාවනය වූ ලංගම බස් රියක් මතට ගසක් කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්මින් කඩිනමින් ආපදා වැළැක්වීමේ පියවර ගන්නා ලෙසත් මාර්ග දෙපස කඩා වැටීමේ අවදානමක් ඇති ගස් ඉවත් කරන ලෙස ත් අදාළ නිලධාරීන්ට මෙසේ උපදෙස් ලබා දී තිබිණි.