Home Local News Room : ස්කූටරයෙන් ආ පොලිස් කාන්තාව මරු තුරුලට ගෙන ගිය අනතුර

News Room : ස්කූටරයෙන් ආ පොලිස් කාන්තාව මරු තුරුලට ගෙන ගිය අනතුර

4
0

අඹේපුස්ස – ත්‍රිකුණාමලය මාර්ගයේ ගලේවෙල, තලකිරියාගම පංසල අසලදී යතුරුපැදියක් හා ටිපර් රථයක් ගැටිමෙන් ඊයේ දින(10) පෙරවරුවේ සිදුවූ අනතුරකින් යතුරුපැදිය පැදවූ බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලකිරියාගම පොලිසිය සඳහන් කරයි.

ඇය පේදුරුතුඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි 24 හැවිරිදි පොලිස් කොස්තාපල්වරියක් වන අතර නිවාඩු ලබා නිවසට පැමිණෙමින් සිටින අතරතුර මෙම අනතුරට ලක්ව ඇත.

ටිපර් රථය පැදවූ රියැදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර , අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තල්කිරියාගම පොලිස් රථවාහන අංශය මගින් සිදුකරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here