Home Local News Room : “කොත්මලේ පොළොවෙන් දැනෙන සද්දෙට බිය වන්න එපා” – භූ...

News Room : “කොත්මලේ පොළොවෙන් දැනෙන සද්දෙට බිය වන්න එපා” – භූ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න

1
0

කොත්මලේ, හැදුණුවැව, වෑතලාව ක්‍රීඩාංගණයේ පොළොව අභ්‍යන්තරයෙන් පසුගිය දිනවලදී රාත්‍රි කාලයට ඇසුණු ශබ්දය පොළොව මතුපිටින් එහි අභ්‍යන්තරයට සුළං ධාරා ඇද ගැනීමේදී නිකුත්වන ශබ්දයක් බවට තමන් ඇතුළු පිරිස කළ අධ්‍යයනවලදී නිරීක්ෂණය වූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න ‘මව්බිම’ට පැවැසීය.

රාත්‍රි කාලයේදී සුළං ධාරා සිහිල් වීම නිසා පොළොව අභ්‍යන්තරයේ ඇති හිඩැස්වල රික්තක පිරවීම සඳහා මේ අයුරින් සුළං ධාරා පොළොව මතුපිටින් එහි අභ්‍යන්තරයට ඇද ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.

වැසි සහිත කාලයේදී එම ශබ්දය ඇති වන බව ත් ඒ සඳහා කිසිදු අයුරකින් බිය විය යුතු නොවන බව ත් හෙතෙම පැවසීය.

එහෙත් ඒ අවට පරිසරයේ සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බව ද මහාචාර්යවරයා අවධාරණය කළේ ය.

අප කළ විමසීමේදී මහාචාර්යවරයා තවදුරටත් මෙසේ ද පැවසීය.

“මෙතන වෙන්නේ පොළොව අස්සට හුළං ධාරාවක් ඇදලා ගන්න එක. පොළොව යටින් ජලය ගලාගෙන යනකොට ඇතුළේ තියෙන කුහරවල රික්තය හින්දා ඒක පුරවන්න හුළං ඇදලා ගන්නවා. ඒක තමයි සද්දේ ඇති වෙන්න හේතුව. මේක වෙන්නේ රාත්‍රියට. මොකද රාත්‍රියේදී වාතය, පොළොව සිසිල් වෙනවා. ඇතුළේ වාතය සංකෝචනය වෙනකොට එළියෙන් හුළං ඇදලා ගන්නවා. ඒක ගැන බිය විය යුතු නැහැ. අපි ඒ ගැන අධ්‍යයනය කළා.

පරිසරය ගැන සංවේදීව බලාගෙන ඉන්න ඕනේ. මොනව ද වෙන්නේ කියලා අවධානයෙන් ඉඳලා අදාළ ආයතන දැනුවත් කරන්න ඕනේ. එතකොට ගැටලු ඇති වෙන්නේ නැහැ. මම එතැනට ගිහින් බැලුවා. දැනට නම් නාය යාමක්, ගිලා බැසීමක් සිදුවීමට තරම් එතන සාධක නැහැ.

එක ම දේ සද්දේ ඇහෙන එක. සද්දේ ඇහෙන්නේ හුඟක් වෙලාවට හුළං ධාරා සහ පොළොව අභ්‍යන්තරයේ ජලය ගැලීම නිසා.”

මේ අතර, එම ගම්වාසීන් චෝදනා නගා ඇත්තේ තමන් කාලයක් තිස්සේ භාවිතයට ගත් ජල මූලාශ්‍ර එක වර සිඳී ගොස් ඇති බව ය. මේ පිළිබඳව මහාචාර්යවරයාගෙන් ‘මව්බිම’ කළ විමසීමේදී ඔහු පැවසුවේ මෙවැන්නකි.

“ඔය ගමේ කට්ටිය කියන්නේ වැව් තලාව ගැන. ඔතන කලින් වැවක් හදලා ඒක ගොඩ කරලා තමා පිට්ටනිය හදලා තියෙන්නේ. ඒකත් එක හේතුවක්. අවුරුදු ගාණක් තිස්සේ පොළොව අස්සට ඉතා පහසුවෙන් වතුර ගමන් කරලා. ඒ හින්දා පොළොව ඇතුළේ වතුර මාර්ග හදාගෙන තියෙනවා. ඒවා ස්වාභාවිකව හැදුණ දේවල්. ස්වාභාවිකව හදාගෙන තියෙන වතුර මාර්ගවලින් වැහි කාලෙට වතුර ගොඩක් ගලනවා. එතකොට තමයි මේ සංසිද්ධිය ඇති වෙන්නේ. සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වතුර ප්‍රමාණයක් තියෙන කාලයට තමා මේක සිද්ධ වෙන්නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here