Home Local News Room : “බස්වලට වැඩ දාන්න ඉඩ දෙන්න”: නාමල් ඉල්ලයි

News Room : “බස්වලට වැඩ දාන්න ඉඩ දෙන්න”: නාමල් ඉල්ලයි

2
0

ජනතාවට අනතුරක් නොවන ආකාරයෙන් යම් නීති මාලාවකට යටත්ව බස් අලංකරණය කිරීම සඳහා අවසර දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ (ඔක්. 19) පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ, බස් රථ හිමියන් සමග පැවති සාකච්ඡාවකදී ය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එහිදී මෙසේ ද කීය.

බස් රථ අලංකරණය කිරීම යනු වෙන ම කර්මාන්තයක් මෙන් ම කලාවක් බව ත් ජනතාවට හානි නොවනවා නම් බස් රථ අලංකරණය කිරීමෙහි කිසිදු ගැටලුවක් නැති බව ත් නාමල් රාජපක්ෂ පැවසීය.

“නීති කඩකරනවා නම් හෝ ජනතාවට අපහසුතාවක් ගෙන දෙනවා නම් ඊට නීති තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න. හැබැයි ජනතාවට හානි නොවන ආකාරයේ අලංකරණ කටයුතු කළ බස්වලට සහනයක්” දෙන මෙන් ඉල්ලා සිටින බව ත් නාමල් රාජපක්ෂ පැවසීය.

මාර්ග බලපත්‍රවලට පිටින් හා බස් රථ බලපත්‍රවලට පිටින් නොයන බස් රථ අලංකරණ කටයුතු කිරීම වරදක් නොවන බව ත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here