ගාසා තීරය තුළ ජාත්‍යන්තර මානුෂීය නීතිය “පැහැදිලිව ම උල්ලංඝණය” වීම පිළිබඳව තමා දැඩිව කනස්සල්ලට පත් වී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් පවසයි.
සටන් විරාමයකට එළඹෙන ලෙසට ද ඔහු නැවත වරක් ඉල්ලීමක් කර ඇත.
සිවිල් වැසියන් “මිනිස් පලිහක්” ලෙස භාවිත කිරීම ත් ඉවත් වීමේ නියෝග නිකුත් කර තිබියදී දකුණු ගාසා තීරයට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමත් ඔහු හෙළා දැක තිබේ.
තව ද ගාසා තීරයේ දැනට පවතින ඉන්ධන ප්‍රමාණය අවසන් වීම නිසා එහි මානුෂීය කටයුතු නතර විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇත.
මේ අතර, අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසා ඇත්තේ, ගාසා තීරය වෙත ලබා දෙන මානුෂිය ආධාර “ප්‍රමාණවත් තරම් වේගයකින්” නොලැබෙන බව ය.
එසේ ම, මෙම ගැටුම සඳහා “මානුෂීය විරාමයක් පිළිබඳව සලකා බැලිය යුතු බවට” අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සඳහන් කර ඇත.
හමාස් සංවිධානය විසින් පැහැර ගන්නා ලද ප්‍රාණ ඇපකරුවන් 200කට වැඩි පිරිසක් තවමත් ගාසා තීරයේ රඳවා ගෙන සිටින බව ත් මේ වන විට ප්‍රාණ ඇපකරුවන් සිව් දෙනෙකු නිදහස් කර ඇති බව ත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තාවල දැක්වෙන්නේ, හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයෙන් හා ඊශ්‍රායලය තවමත් එල්ල කරන ප්රතිප්රහාරවලින් මිය ගිය සමස්ත පුද්ගලයන් ප්‍රමාණය 7,200කට අධික බව ය.