Home Local News Room : ශ්‍රී ලංකා ගුවන් හමුදාව තවත් බීජ බෝම්බ හෙළයි

News Room : ශ්‍රී ලංකා ගුවන් හමුදාව තවත් බීජ බෝම්බ හෙළයි

5
0

මෙරට වන ඝනත්වය වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ගුවනින් බීජ හෙලීමේ ව්‍යාපෘතියේ අට වන අදියර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ උපදෙස් මත ක්‍රියාත්මක කර තීබේ.

ගුවන් හමුදා අනුරාධපුර කඳවුර මුලික කරගනිමින් ගුවන් හමුදා අංක 06 ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයට අයත් MI 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් මගින් අවස්ථා පහකදි අනුරාධපුර කටුගමිපොළ යාගම ලබුගස්දමන රක්ෂිතයේ අක්කර 80 ක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ඇහැළ, මී, කරද, මයිල, සියඹලා, කුඹුක්, කෝන්, මදටිය, කොහොඔ ආදී ශාක බීජ 80000 ක ප්‍රමාණයක් ගුවනින් හෙලීම සිදුකරන ලදී.

මෙම සුවිශේෂී ව්‍යාපෘතිය වනසංරක‍ෂණ දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශකත්වය යටතේ මාස් හෝල්ඩින් ආයතනයේ අනුග්‍රහයකත්වයෙන් කටුනායක මුලික ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත ශ්‍රී ලංකා ගුවන් හමුදා කෘෂි ඒකකය විසින් ක්‍රියාත්මක කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here