දිගු කලෙක සිට මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කසල තේ ගබඩාවක් වටලා පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගම්පොල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (02) දින මහනුවර, දවුලගල පොලිස් වසමේ , කැටකුඹුර, ලීමගහකොටුව ප්රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහිදී බලපත්ර නොමැතිව කසල තේ කිලෝ ග්රෑම් 6,652 ගබඩා කරගෙන සිටි ලීමගහකොටුව ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පොල තේ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් වෙත භාර දී ඇත.


The post ලෝ ප්රකට අපේ ‘සිලෝන් – ටී’ නම වැනසූ මහා ජාවාරම first appeared on Lakbima.net.