කොළඹ ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වැසි තත්ත්වයත් සමග මාර්ග රැසක් ජලයෙන් යටවීමෙන් රථ වාහන ධාවනයට බාධා එල්ල වී තිබේ.
පොලිසිය පැවසුවේ කොළඹ කොටුව, මරදාන, බොරැල්ල, බම්බලපිටිය, ආමර්වදිය, දෙමටගොඩ සහ ඩුප්ලිකේෂන් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි.
මේ අතර ඩුප්ලිකේෂන් මාර්ගයේ බම්බලපිටියේ ගසක් කඩා වැටීමෙන් රථ වාහන ධාවනය බාධා එල්ල වී තිබේ.
පොලිසිය පැවසුවේ එම ගස කඩා වැටීමෙන් ත්‍රිරෝද රථයක් හානි සිදුව ඇති බවයි.