ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ විසින් ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට මුහුණ දෙමින් සිටින තත්ත්වය සම්බන්ධයෙන් සුවිශේෂී හෙළිදරව්වක් සිදුකරනු ලැබ තිබේ.
පසුගිය දා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමෙන් අනතුරුව දිවයිනට පැමිණි ඔහු ගුවන්තොටුපළේදී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ, තමන් ඉදිරි දින කිහිපය තුළ විශේෂ හෙළිදරව්වක් කරන බව ය.
ඒ අනුව, මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් ඔහු මෙම විශේෂ හෙළිදරව්ව සිදු කර ඇත.
එමගින් ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට මුහුණ දෙමින් සිටින ඛේදවාචකය දීර්ඝ කාලයක් තිස්සේ විවිධ මට්ටම්වලින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් බව පසුගිය වසර දෙක හමාරක කාලයක් තිස්සේ තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමේදී තමන් ලද අත්දැකීම් හා නීරීක්ෂණ ඇසුරින් තමන්ට විශ්වාස කිරීමට සිදුව ඇති බව ය.
ශ්‍රී ලංකාව පැනවෙන ක්‍රිකට් තහනම එම ක්‍රියාවලියේ ම ප්‍රතිඵලයක් බව ඔහු සිය ලිපිය මගින් අවධාරණය කර තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ, එම කුමන්ත්‍රණ ක්‍රියා පිටුපස තිබුණේ හුදු පෞද්ගලික අභිමතාර්ථයන් ඉටු කර ගැනීම පමණක් ම බව තම නිරීක්ෂණය බව ය.
නමුත් එම පාර්ශව අදාළ කරුණු සමාජගත කරන්නේ, ක්‍රීඩාව බේරා ගැනීමේ අටියෙන් බවක් මවාපාමින් අතිශය දක්ෂ ලෙස සමාජය නොමග යවමින් යැයි ඔහු එහි සඳහන් කර ඇත.
එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.




