Home Local News Room : නිවාඩු දීමනා ඉල්ලා දක්ෂිණ අධිවේගී සේවකයෝ වර්ජනයකට

News Room : නිවාඩු දීමනා ඉල්ලා දක්ෂිණ අධිවේගී සේවකයෝ වර්ජනයකට

2
0

මාර්ග සංවර්ධන අධිකාරිය වසර තිහක් පුරා සේවකයන්ට ලබා දුන් ඉතිරි වූ අසනීප නිවාඩු දීමනාව අත්හිටුවීම සහ තවත් ඉල්ලීම් ලබා දෙන ලෙස බල කරමින් දක්ෂිණ අධිවේගයේ මුදල් අයකිරීම ලබන 22 වන දා පෙරවරු 7.00 සිට පස්වරු 7.00 දක්වා නවතා දමනු ලබන බව සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමයේ සභාපති යොහාන් හසිත මුණසිංහ ‘මව්බිම‘ට පැවසුවේ ය.

2022 වසරේ අසනීප නිවාඩු 21ක් තිබෙන අතර එම නිවාඩුවල ඉතිරි කරගත් දින සඳහා ගෙවීම් 2023 වසරේදී සිදුකළ යුතු බවත් මාර්ග සංවර්ධන අධිකාරිය මේ දීමනාව වසර 30ක් පුරා ක්‍රියාත්මක කරනු ලැබුව ද මේ වසරේ සිට එම ගෙවීම් නතර කිරීමට එරෙහිව මේ වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවත් සභාපතිවරයා පැවසුවේ ය.

මීට පෙර සේවා අවස්ථාවේදී කළුපටි හිසේ පැළඳ නිහඬ විරෝධතාවක් සහ අමාත්‍යාංශය ඉදිරිපිට කෑම පැයේදී දැක්වූ විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස අගෝස්තු 18 වන දා අමාත්‍යවරයා තම සාමාජිකයන්ට සාකච්ඡාවක් ලබා දුන් බවත් එහිදී සති දෙකක් ඇතුළත සිය මූලික ඉල්ලීම වූ ලෙඩ නිවාඩු ගෙවීම් කිරීමට පොරොන්දු වූ බවත් ඔහු පැවසීය.

මාස දෙකකට වැඩි කාලයක් ගත වූ පසුව එම දීමනාව ලබාදිය නොහැකි යැයි අමාත්‍යවරයා දැනුම් දීම සහ 2009 බඳවා ගැනීමේ පටිපාටියට අධිවේගී මාර්ග සේවකයන් ඇතුළත් නොකිරීම උසස්වීම් සහ පඩි වැඩි කිරීම් නොකිරීම යන ඉල්ලීම් පදනම් කරගනිමින් මේ වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට සංගමය තීරණය කළ බවත් සභාපතිවරයා පැවසීය.

අධිවේගී මාර්ග සේවකයන්ට මෙන්ම මේ ගැටලුව මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන්ට ද බලපාන බවත් එදින මාර්ග සංවර්ධන අධිකාරියේ රට පුරා ඇති සියලු ම ශාඛා සහ ප්‍රධාන කාර්යාලවල සේවකයන්ද අනිවාර්ය ලෙඩ නිවාඩු දමනු ලබන බවත් සභාපතිවරයා පැවසුවේ ය.

පෙර ලිපියක්‍රිකට් අක්‍රමිකතා සොයන්න විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක්
ඊලග ලිපියIMF දෙවන වාරික තීන්දුව ලැබෙන දිනය මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here