Home Local News Room : පාසල් සිසුවියන්ට ලබන අවුරුද්දේ සිට සනීපාරක්ෂක තුවා

News Room : පාසල් සිසුවියන්ට ලබන අවුරුද්දේ සිට සනීපාරක්ෂක තුවා

0
0

අවුරුදු 12ත් 18ත් අතර පාසල් ශිෂ්‍යාවන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන 2024දී ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ (නොවැ. 27) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව මූලික වැඩසටහනක් ලෙස පාසල් ශිෂ්‍යාවන් ලක්ෂ 3කට සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන 2024දී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

දුෂ්කර, අතිදුෂ්කර, පළාත් පාසල් ලෙස බෙදා මෙම මූලික වැඩසටහන ආරම්භ කරන බව ද, ඒ සඳහා රජයේ මුදල් ප්‍රමාණයක් ද ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා කීය.

හේෂා විතානගේ මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

අනුරාධා හේරත්, ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here