ඩුබායිහි පවැත්වීමට නියමිත COP28 ලෝක නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (නොවැ. 30) උදෑසන දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය මේ බව පැවසීය.
මෙම සමුළුව නොවැම්බර් 30 සිට දෙසැම්බර් 12 දක්වා ඩුබායිහි පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සහභාගී වීමට ජනාධිපතිවරයා සමග මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු සහ ශ්‍රී ලංකා තරුණ සේවා සභාවේ පිරිසක් ද දූත පිරිස ලෙස පිටත්ව ගොස් තිබේ.
එම පිරිස අද දින උදෑසන 11:00 ට එමිරේට්ස් ගුවන් සේවයේ EK- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.