Home Local News Room : සතුන්ට ඇටවූ ‘අනවසර විදුලි රැහැනක’ පැටලී පියා සහ දියණිය...

News Room : සතුන්ට ඇටවූ ‘අනවසර විදුලි රැහැනක’ පැටලී පියා සහ දියණිය මරුට

0
0

පුස්සැල්ලාව, මායිප්පල ප්‍රදේශයේදී පුද්ගලයෙකු හා දැරියක විදුලි සැර වැදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (නොවැ. 29) මිය ගිය පුද්ගලයා හා ඔහුගේ දියණිය විදුලි සැර වැදී ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමේදී දෙදෙනා ම මිය ගොස් සිටි බව ත් මේ සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති බව ත් ය.

මිය ගිය පුද්ගලයාට වයස අවුරුදු 32ක් වන අතර මිය ගිය දැරිය වයස අවුරුදු 2යි මාස 8ක් වූ මායිප්පල, කොටගේපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

පොලිසිය වැඩිදුරට ත් සඳහන් කළේ, මිය ගිය පුද්ගලයා විසින් තම එළවළු කොටුව සතුන්ගේ ආරක්ෂා කර ගැනීම සඳහා අදින ලද අනවසර විදුලි රැහැනක ඔවුන් දෙදෙනා පැටලී සිටි බව ත් පසුව අසල්වාසීන් විදුලි රැහැන ඉවත් කර ඔවුන් දෙපළ ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇති බවට අනාවරණය වී ඇති බව ත් ය.

මෘත ශරීර ගම්පොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

මේ පිළිබඳව පුස්සැල්ලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here