Home Local News Room : වසර 108කට පෙර මරණ දඬුවමට ලක් වූ හෙන්රි පේද්‍රිස්ට...

News Room : වසර 108කට පෙර මරණ දඬුවමට ලක් වූ හෙන්රි පේද්‍රිස්ට යුක්තිය ඉටු කරන්න ජනපතිගෙන් කමිටුවක්

0
0

වසර 108කට පෙර සිදු කළ ශ්‍රීමත් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්ගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත.

ඒ අනුව, එම කමිටුවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න පත්කර තිබේ.

මෙරට යටත්විජිත පාලන අධිකාරිය විසින් රජයට එරෙහිව කැරලි කෝලහාල සහ රාජද්‍රෝහී ක්‍රියා සිදුකළ බවට චෝදනා එල්ල කරමින් ශ්‍රීමත් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් යුද්ධ අධිකරණයකට පමුණුවා, රාජද්‍රෝහී චෝදනාවට වරදකරු කරමින් මරණ දඬුවමට ලක්කර තිබේ.

1915 වසරේ ජූලි මස 7 වන දා එවකට 27 හැවිරිදි වියේ පසු වූ ඔහු මරණ දඬුවමට ලක්කර ඇත්තේ කිසිදු අභියාචනයක් නොසලකමිනි.

අනතුරුව මියගිය හෙන්රි පේද්‍රිස්ගේ දේහය යුද්ධ නීතිය යටතේ වරදකරුවෙකු වූ අපරාධකරුවෙකු ආදාහනය කිරීමට නියම කර ඇති ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් හෙළි නොකළ පරිශ්‍රයක ආදාහනය කර ඇත.

ඔහුගේ ඝාතනය එවකට මෙරට පාලනය කරන ලද ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සිදුකරන ලද සැලැස්මක ප්‍රතිඵලයක් වශයෙන් හඳුනාගෙන ඇතැයි රජය පවසයි.

ඒ අනුව එම ඝාතනය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු අනාවරණය කර ගනිමින් ඔහුට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුව පත්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here