ඊසාන මෝසම් වර්ෂාව සමග මුහුදේ වාරකන් කාලය ආරම්භ වීම නිසා ත්‍රිකුණාමලය නිලාවේලි පරෙවි දූපත ජාතික උද්‍යානය අද (දෙසැ. 20) තාවකාලිකව වසා දැමූ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නිලාවේලි දූපත නැරඹීමට බෝට්ටු මගින් යන සංචාරකයන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇති බව ය.
සෑම වසරක ම නිලාවේලි දූපත මුහුදේ වාරකන් කාල සීමාව තුළ වසා තබන බව ත් මේ වසර තුළ වාරකන් කාලය ආරම්භය ප්‍රමාද වී ඇති අතර එම නිසා නිශ්චිතව දූපත නැවත විවෘත කරන දිනය සඳහන් කිරීමට නොහැකි බව ත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරට ත් සඳහන් කළේ, මුහුදේ ස්වභාවය නැවත යථා තත්ත්වයට පත් වූ පසු ජනතාවට නැවත දූපත නැරඹීමට විවෘත කරන බව ය.