Home Local News Room : පකිස්ථානයෙන් ලොකු ළූණු එයි – මව්බිම

News Room : පකිස්ථානයෙන් ලොකු ළූණු එයි – මව්බිම

2
0

පකිස්ථානයෙන් ලොකු ළූණු ආනයනය දිගට ම සිදු කෙරෙන බවත් කිලෝවක් රුපියල් 380ක තොග මිලට දැනට වෙළෙඳපොළට නිකුත් කරනු ලබන බවත් ළූණු ආනයනකරුවෝ ‘මව්බිම’ට පැවසූහ.

රට තුළ ලොකු ළූණු හිඟයක් ඇතිවීම වැළැක්වීමට පිළියමක් වශයෙන් ඉන්දියාව ලොකු ළූණු අපනයනය තවදුරටත් නවතා තිබෙන හේතුවෙන් පකිස්ථානයෙන් වැඩි මිලට හෝ ලොකු ළූණු ගෙන්වීමට සිදුව ඇතැයි ආනයනකරුවෝ පැවසූහ.

පකිස්ථාන ලොකු ළූණුකිලෝවක් මේ සතියේදී රුපියල් 350ක් වූ බවත් වෙළෙඳපොළට නිකුත් කිරීමේදී රුපියල් 380ක් සහ සිල්ලර වෙළෙඳුන් රුපියල් 405 සිට රුපියල් 420 දක්වා මිල ගණන්වලට අලෙවි කරනු ඇති බවත් ඔවුහු කීහ.

ලොකු ළූණු ඇණවුම් කර සතියක් තුළ එම තොග පකිස්ථානයෙන් ලැබෙන බවත් මීට අමතරව නෙදර්ලන්තය සහ චීනය වැනි රටවලින් ද ළූණු ඇණවුම් කර තිබෙන අතර එම ඇණවුම් ලැබීමට තව මසකට ආසන්න කාලයක් ගතවන බවත් ඔවුහු කීහ.

මේ නිසා ඉදිරියේදී ලොකු ළූණු මිල තවදුරටත් අඩුවනු ඇතැයි ද ආනයනකරුවෝ පැවසූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here