Home Local News Room : පුදුකුඩිඉරිප්පු ළිඳකින් ඉන්ධන වර්ගයක් මතුවෙයි

News Room : පුදුකුඩිඉරිප්පු ළිඳකින් ඉන්ධන වර්ගයක් මතුවෙයි

0
0

මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ උඩයාර්කට්ටු, කුරුවිල් ගම්මානයේ ළිඳකින් භූමිතෙල් වැනි ඉන්ධන වර්ගයක් මිශ්‍ර ජලය හමු වී ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.

mawbima.lk කළ විමසීමකදී පුදුකුඩිඉරිප්පු පොලිසිය මේ බව සඳහන් කළේ ය.

පසු ගිය දා එම ප්‍රදේශයේ අධික වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර අනතුරුව ඊයේ එම ළිඳෙන් වෙනස් ආකාරයක ගන්ධයක් පැමිණ ඇති බවට නිරීක්ෂණය වී ඇතැයි එහි හිමිකරු සඳහන් කර ඇත.

පසුව එහි හිමිකරු ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට එම ළිඳෙන් ජලය රැගෙන එහි කොළයක් පොඟවා දල්වා තිබේ. එහිදී එය ගිනි ගෙන ඇතැයි පොලිසිය පැවසීය.

පසුව හිමිකරු අ‍ැතුළු පිරිසක් එක්ව ළිඳේ ජලය ඉවත් කර නැවත පරීක්ෂා කිරීමේදී පෙරපරිදි ම ඉන් ගන්ධයක් පැමිණ ඇත.

අදාළ සිදුවීම පිළිබඳව කුරවිල් ග්‍රාමසේවකවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ මාර්ගයෙන් කළ දැනුවත් කිරීමට මත සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කළ බව එහි උසස් නිලධාරියෙකි mawbima.lk වෙත පැවසීය.

ඒ අනුව, එම නිලධාරීන් ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය කළමණාකරුවෙකු වෙත ඒ පිළිබඳව දන්වා අදාළ ජලය පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත්, ජල සාම්පලවල ඉන්ධන සාන්ද්‍රණය ප්‍රමාණවත් නොවන බව එම නිලධාරියා ද දන්වා ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවසීය.

ඒ හේතුවෙන්, හෙට (ජන. 8) දිනයේදී මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here