Home Local News Room : කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 7ක වායු දූෂණය වැඩිවීමට බලපෑ හේතු...

News Room : කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 7ක වායු දූෂණය වැඩිවීමට බලපෑ හේතු මෙන්න

2
0

කොළඹ, යාපනය, කුරුණෑගල, වවුනියාව, ගාල්ල, පුත්තලම හා මොණරාගල යන දිස්ත්‍රික්කවල වායුගෝලීය ගුණාත්මකභාවය තරමක අහිතකර මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම සංවිධානය සඳහන් කළේ, මෙම ස්වභාවය කාලගුණික තත්ත්වයන් මත විටින් විට වෙනස් විය හැකි බව ත් හෙට (ජන. 16) වායු දූෂණ තත්ත්වය යම් තරමකට අඩු විය හැකි යැයි බලාපොරොත්තු වන බව ත් ය.

මෙය දේශ සීමාන්තර වායු දූෂණය නිසා ඇති වන තත්ත්වයක් බව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීනියක පැවසීය.

mawbima.lk සිදු කළ විමසීමකදී ඇය මේ බව සඳහන් කළා ය.

ඇය තවදුරට ත් සඳහන් කළේ, ඉන්දියාවෙන් හෝ වෙනත් ආසියාතික රටවල්වලින් එන සුළං ප්‍රවාහයත් සමග වායු ගුණාත්මකභාවය තරමක අහිතකර මට්ටමක පවතින බව ය.

එමෙන් ම, වායු ගුණාත්මකභාවය පහළ බැසීමේ තත්ත්වය මෙම කාල වකවානුවේදී සිදුවන සාමාන්‍ය සිදුවීමක් බව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීනිය පැවසීය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා මධ්‍යම පරිසර අධිකාරිය වායු ගෝලයේ ස්වභාවය නිරන්තරයෙන් නිරීක්ෂණය කරන අතර මෙම ස්වභාවය තාවකාලික තත්ත්වයක් බවට විශ්වාස කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීනිය වැඩිදුරට ත් සඳහන් කළා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here