Home Local News Room : “පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්න එන්න”: ඇමති ටිරාන් කාදිනල්...

News Room : “පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්න එන්න”: ඇමති ටිරාන් කාදිනල් හිමිගෙන් යළිත් ඉල්ලයි

972
0

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය සිදු කරන ලද පරීක්ෂණ මේ වන විට 90%ක් අවසන් කර ඇති බව ත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කිරීම සඳහා කතෝලික සභාවට හා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට නැවත වරක් ආරාධනා කරන බව ත් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පැවසීය.

ඔහු සඳහන් කළේ, තමා අමාත්‍ය ධුරය භාරගත් අවස්ථාවේ සිට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් ආරාධනා කරන අතර මෙතෙක් ඒ සම්බන්ධයෙන් පිළිතුරක් නොමැති නමුත් විවිධ අවස්ථාවලදී අගරදගුරුතුමන් ඇතුළු පූජාප්‍රසාදින් වහන්සේලා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ඒ පිළිබඳ යම් විවේචන ඉදිරිපත් කරන බව ය.

මෙලෙස ආරාධනා කරනු ලබන්නේ මෙතෙක් සිදුකර ඇති පොලිස් විමර්ශනවලදී පොලිසිය නොදකින කරුණු තිබිය හැකි හෙයින් බව ත් උන්වහන්සේ ඇතුළු පිරිස් සතුව ඊට අදාළ තොරතුරු තිබේ නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හැකි බව ත් ඔහු තවදුරට ත් සඳහන් කළේ ය.

අගරදගුරුතුමන් ඇතුළු කතෝලික සභාව පොලිසිය සමග එක්ව සිදුකළ විමර්ශන පිළිබඳ නිරීක්ෂණය කර එහි යම් අඩුපාඩුවක් පවතින්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට හැකි බව ද ඔහු පැවසීය.

අමාත්‍යවරයා සඳහන් කළේ, බොරැල්ලේ සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ වූ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ලේඛන මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බව ත් ඊට අදාළව යම්කිසි තොරතුරක් උන්වහන්සේ සතුව ඇත්නම් ඒ පිළිබඳව ද විමර්ශනයක් සිදු කිරීම සඳහා අදාළ තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව ත් ය.

වසර දෙකක් යනතුරු ලබා නොදුන් බව කියූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව කතෝලික සභාව වෙත තමා ලබාදුන් අතර ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ද තමා ලිඛිතව ඉල්ලීම් කළ බව ඔහු පැවසීය.

එහි සඳහන් කරුණු පිළිබඳව සෑහීමකට පත් නොවන්නේ නම් තවදුරට ත් ඒ පිළිබඳව පුළුල්ව සාකච්ඡා කළ හැකි බව ත් එමගින් කතෝලික සභාව සතුව පවතින තොරතුරු ලබාදී ඊට අදාළ සහයෝගය ලබා දිය හැකි බව ත් ඔහු සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, සැබවින් ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍යය හෙළි කර ගත යුතු නම් සිදු කළ යුත්තේ මේ පරීක්ෂණ කටයුතුවලට සහයෝගය ලබා දීම වන අතර බොහෝ දෙනෙකුට එවැනි වුවමනාවක් නොමැති බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here