නිදහස් උත්සවයේ පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී අනතුරට පත් නිලධාරීන් තිදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව යුද්ධ හමුදා සහ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරු පවසති.
යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් සඳහන් කළේ, අනතුරට පත් යුද්ධ හමුදා නිලධාරියාගේ කකුලකට හානි සිදු වී ඇති බව ත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව ත් ය.
ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනාගේ තත්ත්වය ද බරපතළ නොවන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ සඳහන් කළේ ය.
යුද්ධ හමුදා සහ ගුවන් හමුදා නිලධාරීන් සිව් දෙනෙකු ඉහළ අහසේදී පැරෂුට් දෙකක් එකිනෙක පැටලීම නිසා බිමට ඇද වැටී අනතුරට පත් විය.
එහිදී, එක් පැරෂුට් භටයෙකු ගෝල්ෆේස් පිටියට ඇද වැටුණු අතර තවත් පැරෂුට් භටයන් දෙදෙනෙකු අසල පිහිටි ගොඩනැගිල්ලකට ඇද වැටිණි.
මේ වන විට අනතුරට පත් යුද්ධ හමුදා සාමාජිකයා ප්‍රතිකාර සඳහා යුද්ධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබයි.
ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනා කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති.