Home Politics News Room : සමාජ හා ජනතා සේවයට දැවැන්ත ශක්තියක් වුණා

News Room : සමාජ හා ජනතා සේවයට දැවැන්ත ශක්තියක් වුණා

2
0

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේශපාලන, සමාජ හා ජනතා සේවය ප්‍රගතිශීලි ව්‍යාපාරයට දැවැන්ත ශක්තියක් වූ බව අග්‍රමාත්‍ය දි‍නේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22 ) ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයාව සිටි සනත් නිශාන්ත මහතාගේ වියෝව පිළිබඳ ශෝක යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේදීය.

සනත් නිශාන්ත මහතා යනු දිවා රෑ නොතකා වැඩ කළ ප්‍රායෝගික දේශපාලනඥයකු බව ද අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. එම නිසා ජනතාව අතර ගෞරවය සහ බැඳියාව ඇති වූ බව ද ජයග්‍රහණය මෙන්ම පරාජයත් එලෙසම භාර ගැනීමට ඔහුට හැකි වූ බව ද අග්‍රාමාත්‍යවරයා පැවැසීය. දේශපාලනය නිසා ඔහු ඇතුළු පවුල පළිගැනීමට ලක්වූ බව ද දේපළ නැති කරගත් බව ද කියා සිටි අග්‍රාමාත්‍යවරයා, තමන් ජල සම්පාදන ඇමැති සමයේ ඇතිකළ ප්‍රජා ජල ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමට මෑතකදී සාකච්ඡා කළ බව ද සිහිපත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here