Home Politics News Room : රජය කිසිවිටෙකත් මැතිවරණ කල් දාන්නේ නෑ – ඇමැති ආචාර්ය...

News Room : රජය කිසිවිටෙකත් මැතිවරණ කල් දාන්නේ නෑ – ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ

0
0

උපදේශකවරුන්ට පත්වීම් ලිපි බෙදා දෙමින්

මේ වසර මැතිවරණ වසරක් වන අතර රජය කිසිවි‍ෙටකත් මැතිවරණ කල් දාන්නෙ නැති බවත් නියමිත කාලයට ජනාධිපතිවරණය, මහ මැතිවරණය මෙන්ම අනෙක් මැතිවරණ ද පවත්වන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

ජාතික ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන දිස්ත්‍රික් සංහිඳියා උපදේශන කමිටු පිහිටුවීමේ වැඩසටහන යටතේ නැඟෙනහිර පළාතේ මඩකලපුව දිස්‍ත්‍රික්කයේ උපදේශන කමිටු පිහිටුවීම නිමිත්තෙන් පසුගියදා (24) මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති උත්සවයකට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

පත් කර ගන්නා ලද උපදේශකවරුන් වෙත පත්වීම් ලිපි ලබාදීම සිදුවූ අතර අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

‘මීට අවුරුදු එකහමාරකට පමණ පෙර මේ රට අඩියටම වැටුණා. ඒ වෙලාවේ මේ රට භාරගන්න කෙනෙක් හිටියේ නැහැ. අප කිහිප දෙනකු එකතු වෙලා මේ ආණ්ඩුව පිහිටුවලා අවශ්‍ය තීන්දු තීරණ අරගෙන කටයුතු කරපු නිසා රට වර්තමාන තත්ත්වයට පත් කරගන්න පුළුවන් වුණා. එහෙත් අප කියන්නේ නෑ සියලු දේවල් සාර්ථකයි කියලා. මේ රට නියම මඟකට ගන්න අපට තව කරන්න දේවල් ති‍ෙයනවා. වෙනත් කිසිදු ආණ්ඩුවකින් නොකරපු ප්‍රමාණයක් නීති සංශෝධන අප ගෙනාවා. අණ පනත් සම්මත කළා. ඉදිරියටත් රටක් ලෙස ඉදිරියට යන්න ඕනෑ කරන ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා. ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරන ගමන්ම අප නියමිත කාලවල ජනාධිපතිවරණය, මහ මැතිවරණය වගේම ඉතිරි මැතිවරණත් පවත්වනවා. අපි ඡන්ද කල් දාන්නෙ නෑ. එතකොට පුළුවන් මහජනතාවට තීරණය කරන්න මේ රට කාටද භාර දෙන්න ඕනෑ කියලා. ජනතාව ඒ වෙලාවට නිසි තීන්දුවක් ගනීවි’ යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here