Home Politics News Room : එක්සත් ජන­රජ පෙර­මුණේ ‘දේශය වෙනු­වෙන් එක්වන පිය­ව­රක්’ සජ­බ­යට

News Room : එක්සත් ජන­රජ පෙර­මුණේ ‘දේශය වෙනු­වෙන් එක්වන පිය­ව­රක්’ සජ­බ­යට

0
0

‘දේශය වෙනු­වෙන් එක්වන පිය­ව­රක්’ මැයෙන් එක්සත් ජන­රජ පෙර­මුණ එළි­දැක්වූ ප්‍රකා­ශ­නය සමඟි ජන බල­වේ­ග­යට පිළි­ගැ­න්වීම සමඟි ජන බල­වේග පක්ෂ මූල­ස්ථා­නයේ දී ඊයේ (26) සිදු කෙරිණි.

මේ අව­ස්ථා­වට සමඟි ජන බල­වේ­ගය වෙනු­වෙන් එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවි­ධා­යක තිස්ස අත්ත­නා­යක, පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන ගයන්ත කරු­ණා­ති­ලක, හිටපු මන්ත්‍රී මුජි­බර් රහු­මාන්, එක්සත් ජන­රජ පෙර­මුණ වෙනු­වෙන් එහි නායක පාඨලී චම්පික රණ­වක, සභා­පති විශේ­ෂඥ වෛද්‍ය අජිත් අම­ර­සිංහ, මහ ලේකම් බන්දුල චන්ද්‍ර­සේ­කර, ජ්‍යෙෂ්ඨ උප සභා­පති නීතිඥ ශිරාල් ලක්ති­ලක, ජාතික සංවි­ධා­යක ඉංජි­නේරු සුමේධ රත්නා­යක මහ­ත්වරු ද එක්ව සිටි­යහ.

රට ගොඩ­නැ­ඟීමේ වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කිරීමේ අර­මු­ණින් එළි­දැක්වූ මේ ප්‍රකා­ශ­නය පිළි­බඳ සාකච්ඡා කිරී­මට ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණට හැර සියලු පක්ෂ­ව­ලට ආරා­ධනා කළ බවත් එහි නායක පාඨලී චම්පික රණ­වක මහතා පැවැ­සීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ පාඨලී චම්පික මහතා මෙලෙස ද පැවැ­සීය.

“ඉදිරි අවු­රුදු තුනේදී රට ගොඩ­නැ­ඟීමේ අර­මු­ණින් දේශය වෙනු­වෙන් එක්වන වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කළා. මේ රටේ සිය­ලුම දේශ­පා­ලන පක්ෂ­ව­ලට, ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණට හැර අපි ආරා­ධනා කළා. ඒකට එදා සමඟි ජන බල­වේ­ග­යත් සහ­භාගි වුණා. අද ඒ පිළි­බ­ඳව සාකච්ඡා කිරී­මට සමඟි ජන බල­වේ­ගයේ මහ ලේක­ම්ව­රයා ඇතුළු නාය­කත්ව කණ්ඩා­යම් එක්ක සාකච්ඡා කිරී­මට පැමි­ණියා. අපේ අර­මුණ ඉදිරි මහ මැති­ව­ර­ණය සහ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට මනු­ෂ්‍ය­ත්වයේ සන්ධා­න­යක් බිහි කර ගන්න. ”

නුවන් කොඩි­කාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here