Home Politics News Room : ජාජබ ගොඩනඟන්නේ ජනතාවගේ බැඳීම් සහිත ශක්තිමත් පාලනයක්

News Room : ජාජබ ගොඩනඟන්නේ ජනතාවගේ බැඳීම් සහිත ශක්තිමත් පාලනයක්

0
0

ජාතික ජන බලවේගය ගොඩනැඟිය යුත්තේ හෙල්ලෙන දත වගේ පාලනයක් නොව ජනතාවගේ බැඳීම් සහිත ශක්තිමත් පාලනයක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ පසුගියදා (25) ගම්පහ දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ කාන්තා සමුළුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“වංචාවෙන් සහ දූෂණයෙන් තොර දේශපාලනයක්, නීතිය සැමට ක්‍රියාත්මක වන දේශපාලනයක් පොදු ජනතාවගේ අවශ්‍යතාව වුණා. ජාතික ජන බලවේගය කෙරෙහි ජනතාව තබන විශ්වාසයට කිසිදු හානියක් වෙන්න ඉඩ නොදෙන බවට සහතික වෙනවා.

අප්‍රිකානු කලාපයේ වේගයෙන් ව්‍යාප්ත වන වෙළෙඳපොළට දැන් සිටම සැලසුම් සකස් කරන්න ඕනෙ.

ජාත්‍යන්තර වශයෙන් නව වෙළෙඳපොළක් නිර්මාණය කර නොගෙන එම වෙළෙඳපොළට අවශ්‍ය භාණ්ඩ සහ සේවා නිෂ්පාදන නොකර ඉදිරියට යන්න බෑ. ජාතික ජන බලවේගය ඒ සඳහා ආර්ථිකය ගොඩනැඟීමේ ක්‍රියාවලියක් ආරම්භ කරනවා. අපේ අධ්‍යාපනය නවීකරණය වූ තත්ත්වයක් සමඟ ගළපනවා. නව බලාපොරොත්තු සහිත සමාජයක් නිර්මාණය කරනවා.”

උපාලි කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here