Home Politics News Room : කථා­නා­ය­කට එරෙහි විශ්වා­ස­භං­ගය පරදවා ආණ්ඩුවේ ශක්තිය පෙන්වී­මට මෙය හොඳ...

News Room : කථා­නා­ය­කට එරෙහි විශ්වා­ස­භං­ගය පරදවා ආණ්ඩුවේ ශක්තිය පෙන්වී­මට මෙය හොඳ අව­ස්ථා­වක්

1
0

කථා­නා­ය­ක­ව­ර­යාට එරෙහි විශ්වා­ස­භංග යෝජ­නාව පරා­ජය කර ආණ්ඩුවේ ශක්තිය පෙන්වන්න මෙය හොඳ අව­ස්ථා­වක් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවි­ධා­යක, නාග­රික සංව­ර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණ­තුංග මහතා පැවැ­සීය.

ඇමැ­ති­ව­රයා මේ බව පැවැ­සුවේ කළු­තර දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමි­ටු­වට සහ­භාගි වීමෙන් අන­තු­රුව පෙරේදා (27) මාධ්‍ය­වේ­දීන් නැඟූ ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දෙමිනි.

මේ කමි­ටුව පැවැ­ත්වූයේ එහි සම සභා­පති, කළු­තර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී සංජීව එදි­රි­මාන්න මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙනි.

එහිදී මාධ්‍ය­වේ­දීන් නැඟූ ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දෙමින් ඇමැ­ති­ව­රයා මෙලෙස ප්‍රකාශ කළේය.

“බැසිල් රාජ­පක්ෂ මහතා විදෙ­ස්ගත වන්නේ ඔහු පසු­ගිය කාලයේ කාර්ය­බ­හුල කාල­යක් ගත කළ නිසයි. බැසිල් මහතා ඉතා ඉක්ම­නින් ලංකා­වට පැමි­ණෙ­නවා. මේ වන විටත් ගම්ම­ට්ට­මින් අපේ දේශ­පා­ලන වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක වෙමින් පව­ති­නවා. ඔහු ආව­හම පක්ෂය ශක්ති­මත් කිරීමේ වැඩ­පි­ළි­වෙළ තව­දු­ර­ටත් පුළුල්ව ක්‍රියා­ත්මක කර­නවා. පසු­ගිය දව­සක ජනා­ධි­පති මාධ්‍ය ඒක­කය පැහැ­දි­ලි­වම කිව්වා, මේ වසරේ ප්‍රති­පා­දන වෙන්කර තියෙන්නේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ලබන වසරේ මුදල් වෙන් කර තියෙන්නේ පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­ය­කට කියලා. ජාතික මැති­ව­රණ දෙකක් එන වසර දෙකක්. රටේ ජන­තා­වට තීන්දු තීරණ ගැනී­මට හොඳම අව­ස්ථා­වක්. ව්‍යව­ස්ථා­වෙන් පිට කිසිම වෙලා­වක මැති­ව­රණ කල්දාන්න අපි කට­යුතු කරන්නේ නෑ.

මැති­ව­රණ කලින් තිය­න්නත් පුළු­වන්. වේලා­වට තිය­න්නත් පුළු­වන්. රටේ ජන­තා­වත් ඒ එන විදි­යට කට­යුතු කරයි. කලින් තිබ්බත් හොඳයි. වෙලා­වට තිබ්බත් හොඳයි. ව්‍යව­ස්ථා­වට පිටින් කරන්නේ නෑ කිය­ලයි අපි කියන්නේ.

ඡන්ද­යක් නැතුව දැනට දිනල ඉන්නෙ ෆේස්බුක් ජනා­ධි­පති සහ කයි­වාරු ජනා­ධි­පති විත­රයි. හැබැයි ඡන්ද­යෙන් දිනලා ජනා­ධි­පති වෙන්නේ රනිල්. මේ රටේ මිනිස්සු තේරුම් අරන් ඉන්නවා රටේ අර්බු­ද­කාරී තත්ත්ව­යේදී අභි­යෝග භාර ගත් නාය­කයා කවුද කියලා. ඒ අනුව රටේ මිනි­සුන්ගේ ඉල්ලීම තමයි රටේ මත­වා­දය වෙන්නේ. ඉති­හා­සයේ ඉඳන් මිනිස්සු ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කදී ඡන්දය පාවිච්චි කළේ ප්‍රධාන ගැට­ලු­වක් මුල් කර­ගෙන. මහින්ද මහ­ත්තයා ගෙනාවේ යුද්ධය අව­සන් කරන්න. මහින්ද මහ­ත්තයා ඒක කළා. මහින්ද මහ­ත්ත­යාට දෙවැනි අව­ස්ථා­වේදී මිනිස්සු කිව්වේ රට සංව­ර්ධන කරන්න කියලා. ඒකත් කළා. මෛත්‍රී­පාල සිරි­සේන මහ­ත්තයා ගෙනාවේ යහ­පා­ල­නය ඇති කරන්න කියලා. ඒක වුණා ද නැද්ද කියලා මේ රටේ මිනිස්සු තීන්දු කළා. ගෝඨා­භය රාජ­පක්ෂ මහ­ත්තයා ගෙනාවේ ජාතික ආර­ක්ෂාව ඇති කරන්න. ඒකත් වුණා ද නැද්ද කියලා මිනිස්සු තීන්දු කරයි. මේ වෙලාව තියෙන්නේ ආර්ථික අර්බු­ද­යක්. මේ සිස්ටම් එක වෙනස් කර­න්නත්, ඒක කියලා කරලා පෙන්නපු නාය­කයා තමයි රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්තයා. ඒ හින්දා තමයි මිනි­සුන්ගේ මතය තියෙන්නේ රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්ත­යාට තවත් අව­ස්ථා­වක් දිය යුතුයි කියලා.

ජාතික ජන බල­වේ­ගය කියන්නේ සෙනඟ පෙන්නලා කරන නාට්‍ය­යක් විත­රයි. ඒ කියන තරම්ම රැල්ලක් නැති බව තේරුම් ගන්න. ලක්ෂ 5 ලක්ෂ 50කින් වැඩි වෙන්න සිය­යට 1000කින් වැඩි වෙන්න ඕනේ. එහෙම දේශ­පා­ලන ඉති­හා­සයේ ගත්ත කෙනෙ­කුත් නෑ. මිනි­ස්සුන්ට ජනතා විමුක්ති පෙර­මුණ ගැන හොඳ අව­බෝ­ධ­යක් තියෙ­නවා. ඒ අයට ඕනේ ගහලා මරලා හරි බලය ගන්න. බලය වෙනු­වෙන් ඊට වඩා මර්ද­න­යක් ඔවුන්ට කරන්න පුළු­වන්. ලාල් කාන්ත කිව්වා බලය ලැබු­ණම මර්ද­නය කර­නවා කියලා. සාම­කා­මීව ජීව­ත්වන මිනිස්සු කව­දා­වත් ජනතා විමුක්ති පෙර­මු­ණට බලය දෙන්නේ නෑ.

රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්තයා ඉල්ලයි ද නැද්ද කිය­ලත් අපි දන්නේ නෑ. පොදු­ජන පෙර­මුණ තමයි රනිල් වික්‍ර­ම­සිංහ මහතා මේ රටේ අග­මැති කළෙත් ජනා­ධි­පති කළෙත්. ඔහු ඒ කාර්යය භාරය හරි හැටි කළා කියලා මිනිස්සු පිළි අරන් තියෙ­නවා. ඒ නිසා මම හිත­නවා පොහො­ට්ටුව පක්ෂ­යක් හැටි­යට රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්තයා එනවා නම් හොඳයි. ස්වාධී­නව අපේ­ක්ෂ­යෙක් විදි­යට එනවා නම් තවත් හොඳයි. එවිට අපිට බය නැතිව පැහැ­දි­ලිව වැඩ කරන්න පුළු­වන්. පක්ෂයේ තීන්දුව මම දන්නේ නෑ. මම කියන්නේ මගේ මතය.”

උපාලි කරු­ණා­රත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here