Home Politics News Room : ගාසා තීරයේ දරු­වන්ට උදව් කිරීම ලෝක දේශ­පා­ල­න­යත් එක්ක අපි...

News Room : ගාසා තීරයේ දරු­වන්ට උදව් කිරීම ලෝක දේශ­පා­ල­න­යත් එක්ක අපි කරන අලුත් ගනු­දෙ­නු­වක්

0
0

“අපේ දරු­වන් එක්ක එක­තු­වෙලා ගාසා තීරයේ දරු­වන්ට උදව් කිරීම ලෝක දේශ­පා­ල­න­යත් එක්ක අපි කරන අලුත් ගනු­දෙ­නු­වක් විදි­හට හඳු­න්වන්න පුළු­වන්” යැයි පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ ජනා­ධි­පති උප­දේ­ශක, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී ආශු­බෝධ මාර­සිංහ මහතා පැවැ­සීය.

හිටපු මන්ත්‍රී­ව­රයා මේ බව පැවැ­සුවේ සිරි­කොත පක්ෂ මුල­ස්ථා­නයේ පෙරේදා (27) පැවැති මාධ්‍ය හමු­වේ­දීය.   එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ හිටපු මන්ත්‍රී­ව­රයා මෙසේ ද කීවේය.

“ඉදි­රියේ එළැ­ඹෙන රාම­සාන් උත්ස­වය වෙනු­වෙන් ගාසා තීරයේ අස­ර­ණ­භා­ව­යට පත්වෙලා ඉන්න දරු­වන් සම්බන්ධ ආධාර වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කිරී­මට ජනා­ධි­ප­ති­ව­රයා බලා­පො­රොත්තු වෙනවා. ඒ සඳහා children of gasa fun කියන වැඩ­ස­ට­හන යටතේ අමෙ­රි­කානු ඩොලර් මිලි­ය­න­යක ආධාර දෙන්න බලා­පො­රොත්තු වෙනවා. සම­හර කෙනෙක් මේ පිළි­බ­ඳව අර්ථ දක්ව­න්නට පුළු­වන් එවැනි ආධා­ර­යක් දෙන තැන­කට රට ගිහිල්ල ද කියලා. නමුත් අපි වැටුණු වෙලාවේ අපට ආධාර දෙනවා නම්, අපට උදව් දෙනවා නම්, අපේ රටේ ජන­තාව පෙරළා ප්‍රති­උ­ප­කාර කර­නවා. ඒ නිසා අපේ දරු­වන් එක්ක එක­තු­වෙලා ගාසා තීරයේ දරු­වන්ට උදව් කිරීම ලෝක දේශ­පා­ල­න­යත් එක්ක අපි කරන ගනු­දෙ­නු­වක් විදි­හට හඳු­න්වන්න පුළු­වන්.

පාර­ම්ප­රික වෛද්‍ය­ව­රුන් දව­ස­කට දහ දාහ­කට වැඩි පිරි­ස­කට බෙහෙත් කර­නවා. ඔවුන්ට නිසි ගෞර­වය දෙන්නෙත් නෑ. යූනා­නි­ව­ලට වෙනම වෛද්‍ය සභා­වක් තිබෙ­නවා. හෝමියෝ ප්‍රති­කා­ර­ව­ලට වෙනම වෛද්‍ය සභා­වක් තිබෙ­නවා. ආයු­ර්වේද වෛද්‍ය ක්‍රම­යට වෙනම වෛද්‍ය සභා­වක් තිබු­ණට මේ දේශීය වෛද්‍ය­ව­රුන්ට වෙනම වෛද්‍ය සභා­වක් බිහි­වෙ­න්නෙත් නෑ. බිහි කරන්න දෙන්නෙත් නැති ප්‍රශ්න­යක් මතු වෙලා තිබෙ­නවා. ඒ නිසා මේ සම්බ­න්ධව ඉදි­රි­යේදී ජනා­ධි­ප­ති­ව­රයා එක්කත් සාකච්ඡා කර දේශීය පාර­ම්ප­රික වෛද්‍ය­ව­රුන් වෙනු­වෙන් වෛද්‍ය සභා­වක් නිර්මා­ණය කර ඔවුන් බල­ග­න්වන්න අපි සූදා­නම්.

වසන්ත සම­ර­සිං­හ­ගෙන් මම ඇහුවා එතුමා කරල තියෙන රස්සා­වක් කියන්න කියලා. මම මහ­ජන බැංකුවේ පිළි­ගැ­නීමේ නිල­ධා­රි­යාගේ ඉඳන් කරන්ට් එක­වු­න්ටන්ට් දක්වා වැඩ කරල තියෙ­නවා කියලා කිව්වා. නමුත් හොයලා බැලු­වාම මහ­ජන බැංකුව කැබි­ති­ගො­ල්ලෑව ශාඛාවේ පුහුණු වෙන නිල­ධා­රි­යෙක් විදි­යට වැඩ කර තියෙ­නවා. එහෙම බොරු­කා­ර­යන්ට ද ලංකාවේ මුදල් ඇමැ­ති­කම දෙන්න කියන්නේ. වසන්ත සම­ර­සිංහ මුදල් ඇමැ­ති­ව­රයා සහ රනිල් වික්‍ර­ම­සිංහ මුදල් ඇමැ­ති­ව­රයා සංස­න්ද­නය කර­බ­ලන්න ඔබට පුළු­වන්. වසන්ත, සුනිල් හඳු­න්නෙත්ති වගේ තවත් නම් කිහි­ප­යක් ඔවුන්ගේ කැබි­නට් තන­තුරු විදි­හට ප්‍රකා­ශ­යට පත් කර තිබෙ­නවා. හැට හැත්තෑ­දා­හක ජන­තා­වක් ඝාත­නය කළ, මිලි­යන 200 ගාන­කට වඩා දේපළ විනාශ කළ පක්ෂ­ය­කට ද මේ රට හදන්න පුළු­වන් කියලා කියන්නේ. තමන්ට ලැබුණු විද්‍යුත් සන්නි­වේ­දන අයි­ති­යත් විකු­ණපු පක්ෂ­යක් තමයි මේ කතා කරන්නේ. රූප­වා­හිනී ලයි­සන් හම්බුණ ඒවා විකුණා ගත්තා. පසු­ගිය කාලයේ මහින්ද රාජ­පක්ෂ මහ­ත්ත­යාට කට­වුට් ගැන කියලා අනුර කුමාර දිසා­නා­යක විවිධ විවේ­ච­නය කර තිබ්බා. දැන් කට­වුට් ගහන්නේ කවුද. දැන් කාගෙන් ද සල්ලි එන්නේ අමෙ­රි­කන් එම්බ­සි­යෙන් ද. වෙනත් රට­කින් ද කොහෙන් ද කියන එක දැන් ඔන්න ප්‍රශ්න කරන්න පුළු­වන්. පාර්ලි­මේ­න්තුවේ මැති­ව­රණ විය­දම් නියා­ම­නය කිරීමේ පන­තට ජනතා විමුක්ති පෙර­මුණ විරුද්ධ වුණේ ඇයි කිය­ලත් ජන­තා­වට අහන්න පුළු­වන්.”

ශිරෝමි අබ­ය­සිංහ සහ මැද කොළඹ සමූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here