Home Politics News Room : ජනා­ධි­ප­ති­ව­ර­ණ­යත් මහ මැති­ව­ර­ණ­යත් එකම දවසේ පව­ත්වන්න පුළු­වන්

News Room : ජනා­ධි­ප­ති­ව­ර­ණ­යත් මහ මැති­ව­ර­ණ­යත් එකම දවසේ පව­ත්වන්න පුළු­වන්

0
0

ජනා­ධි­ප­ති­ව­ර­ණය සහ මහ මැති­ව­ර­ණය එකම දිනක පැවැ­ත්විය හැකි බව නිද­හස ජනතා සභාවේ නායක පාර්ලි­මේන්තු මන්ත්‍රී ඩලස් අල­හ­ප්පෙ­රුම මහතා පැවැ­සීය. මන්ත්‍රී­ව­රයා මේ බව සඳ­හන් කළේ නිද­හස ජනතා සභා කාර්යා­ල­යේදී පෙරේදා (27) පැවති මාධ්‍ය හමු­ව­කට එක් වෙමිනි.

සැප්තැ­ම්බර් 18 සහ ඔක්තෝ­ම්බර් 18 අතර කාලය තුළ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යත්, මහ මැති­ව­ර­ණ­යත් පව­ත්ව­න්නැයි ජනා­ධි­ප­ති­ව­ර­යාට සහ මැති­ව­රණ කොමි­සම් සභා­වට යෝජනා කරන බව එහිදී පැවසූ මන්ත්‍රී­ව­රයා ඒ වෙනු­වෙන් නිද­හස ජනතා සභාවේ පූර්ණ සහාය දෙන බව කියා සිටි­යේය.

පළාත් සභා සහ පළාත් පාලන මැති­ව­ර­ණද එකම දවසේ පැවැ­ත්විය හැකි බවත් නිද­හස ජනතා සභාව ඊට වැඩ­පි­ළි­වෙ­ළක් යොජනා කර තිබෙන බවත් හෙතෙම කීවේය. ශ්‍රී ලංකාවේ වසර පහ­කට මැති­ව­රණ හත­රක් පව­ත්වන බව පැවැසූ මන්ත්‍රී­ව­රයා ඉන් කාල­යත්,ධන­යත්, රාජ්‍ය සම්පත් ද විශාල වශ­යෙන් විනාශ වන බව කියා සිටි­යේය.

ජනා­ධි­පති, උප ජනා­ධි­පති, පාර්ලි­මේ­න්තුව, පාර්ලි­මේන්තු සහ පළාත් පාලන මැති­ව­රණ ඉන්දු­නී­සි­යාවේ එකම දින­ය­කදී පැවැත්වූ බවත්, ඉන්දු­නී­සි­යාවේ ඡන්ද­දා­ය­ක­යන් මිලි­යන 204ක් සිටින බවත් අල­හ­ප්පෙ­රුම මහතා කියා සිටි­යේය.

කර­න්දෙ­ණිය පරි­පා­ලන මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක රොෂාන් කුමාර මහතා වැනි නිර්භීත අවංක රාජ්‍ය සේව­ක­යන් ඝාත­නය කිරී­මෙන් පැහැ­දි­ලි­වන්නේ ඝාතක වුව­ම­නාව පුද්ග­ල­යෙකු නොව රාජ්‍ය සේවය ඝාතන කිරීම බව ඒ මහතා කීවේය.

රාජ්‍ය සේව­යට දැල්වුණු රතු සංඥා­වක් ලෙස එය තේරුම් ගන්නැයි මන්ත්‍රී­ව­රයා මාධ්‍ය­යෙන් ඉල්ලා සිටි­යේය.

මන්ත්‍රී­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේද පැව­සීය:

“හිටපු මුදල් ඇමැති, රොනී ද මැල් මහ­තාගේ අභා­වය පිළි­බඳ දැන­ගන්න ලැබුණා. එය ඉතා කන­ගා­ටු­දා­යක පුව­තක්.ඔහු මාතර දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­නය කළ නාය­ක­යෙක්. රුහුණු විශ්ව­වි­ද්‍යා­ලය ප්‍රමුඛ බොහෝ සම්පත් ලබා දුන්නා. අවු­රුදු 11ක කාල­යක් මුළුල්ලේ අය­වැය ලේඛන11ක් ඉදි­රි­පත් කළ ඇමැ­ති­ව­ර­යෙක්.

“මාගේ මතය අනුව, ආචාර්ය එන්.එම්. පෙරේරා, රොනී ද මෙල් මහ­ත්ව­රුන් පම­ණ­මයි, ඔවුන් විසින්ම අය­වැය ලේඛ­නය හදා­ගත් මුදල් ඇමැ­ති­වරු. අනිත් සියලු දෙනා අඩු වැඩි වශ­යෙන් නිල­ධා­රීන් විසින් සකස් කර දෙනු ලබන ලේඛන පාර්ලි­මේ­න්තු­වට ගෙනල්ලා කිය­වන එක විත­රයි කළේ. වර්ත­මාන මුදල් ඇමැ­ති­ව­ර­යාද ඇතු­ළුව ජනා­ධි­ප­ති­ව­රුන් කීප­දෙ­නකු හිටියා මුදල් ඇමැ­ති­ව­රුන් විදි­යට. ඔවු­න්ගෙන් කිසි කෙනෙක් ඔවුන්ගේ ස්වශ­ක්ති­යෙන් ඔවු­න්ගෙන් චින්ත­නය මත අය­වැය ලේඛන හදපු අය නෙමෙයි. මං නැවත කිය­නවා කෘත­වේ­දීව ආචාර්ය එන්.එම්. පෙරේරා, රොනී ද මැල් කියන මුදල් ඇමැ­ති­වරු දෙන්නා ඔවුන්ගේ චින්ත­නය, ඔවුන්ගේ වෙහෙස, ඔවුන්ගේ දැනුම පාවිච්චි කර අය­වැය සම්පා­ද­නය කළ මුදල් ඇමැ­ති­වරු දෙදෙ­නෙක්.”

 

නුවන් කොඩි­කාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here