19
බලය ගැනීම සහ බලය ගත්තාට පසුව රට ගොඩනැඟීමේ අභියෝග ජාතික ජන බලවේගයට තිබෙන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ පසුගියදා (25) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති ජාතික ජන බලවේගයේ බැංකු සහ මූල්‍ය සංසදයේ කොළඹ දිස්ත්‍රික් සමුළුවට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“කොළඹට කේන්ද්‍රගතවී ඇති ආර්ථිකය ගමට ගෙන යමින් ආර්ථිකය ප්‍රසාරණය කරනවා. අපි ප්‍රධාන අභියෝග දෙකකට මුහුණදී තිබෙනවා. එක බලය ගැනීම. දෙක බලය ගත්තාට පසුව රට ගොඩනැඟීම. මේ අභියෝග දෙකක් වුවත් බලය ගැනීමේ මාවතේම තමයි රට ගොඩනැඟීමේ මාවත තිබෙන්නේ. ජනතාව සමගි කර ගන්නා මාවතකින් මේ රට පරිවර්තනයට ලක්කරන්න ඕනෙ.”
උපාලි කරුණාරත්න